
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
නිල්වලා ගග හරස් කොට ඉදි කර ඇති ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි ඉල්ලා මාතර දිස්ත්‍රික් ගොවි සංවිධාන බල මණ්ඩලය අද (23) උදෑසන ආරම්භ කල විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන් මාතර නගරය තුල දැඩි උණුසුම් තත්වයක් හට ගත්තේය.
දහසකට ආසන්න ගොවීන් පිරිසක් පලමුව මාතර එෛතිහාසික බෝධීන් වහන්සේ අභියස පැමිණ අධිෂ්ඨාන පූජාවක් පවත්වා ඉන් අනතුරුව විරෝධතා පා ගමනකින් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිටට පැමිණියේය.
මේ නිසා මාතර කොලඹ ප්‍රධාන මාර්ගයේ එක් මංතීරුවක් අවහිර වී වාහන ගමනාගමනයට බාධා එල්ල වු අතර පොලීසිය අනෙක් මංතීරුවෙන් වාහන ධාවනය සිදු කලේය.
කෙසේ වෙතත් එම නීසා මාතර නගරයේ දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබුණි.
නිල්වලා ලවණ බාධකය නිවැරදි කර දෙන්නැයි බල කරමින් ගොවීන් මාතර සනත් ජයසූරිය ක්‍රිඩාංගනය ඉදිරිපිට අඛණ්ඩ උපවාසයක් ද ආරම්භ කලේය. තම ගැටලුවට විසදුමක් ලබා දෙන තුරු එම උපවාසය අත් නොහරින බවට ඔවුන් ප්‍රතිඥාවක් ද දුන්නේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමස්ත නිල්වලා යෝජනා ක්‍රමයම අසාර්ථකයි. ගංවතුර වළක්වන්නකියලයි පටන්ගත්තෙ. අන්තිමට සුළු පෑවිල්ලකටත් අවට ප්‍රෙද්ශවල ලිං හිඳුනා. දෙගොඩ තලායන ගංවතුරෙත්කිසිම අඩුවක් නැහැ. එකම ප්‍රතිඵලය කිඹුල් ගහණය වැඩිවීම සහ එකල හිටපු මන්ත්‍රීලගෙ සාක්කු පිරීම. ගොවීන් නැත්තටම නැතිවුනා.