(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ මිතුරන් ඇමෙරිකානු ඩොලර් මිලියන 101.5 ක මුදලක් එක්සත් ජාතීන් වෙත පරිත්‍යාග කර ඇතැයි හැනා සින්ගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.
එම මුදල් දැඩි අවදානමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 ක් මානුෂීය සහාය ලබා දීම සඳහා යොදාගනු ඇති බවත් පරිත්‍යාග වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මිතුරන්ට ස්තුතිවන්ත වන බවත් ඇය පෙන්වා දුන්නාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් ඡන්දෙ කිට්ටුවොල රනිලව ගොඩගන්න අත දිගහැරලා බෙදයි වගේ. ඡන්ද මීටින් වලදී රට ගොඩගත් දූර්දර්ශී පඩි රුවනක් කියලා ඡන්දෙ ඉල්ලන්න පුළුවනි.
සල්ලි ඕන නැහැ අයියේ. අපිට ටිකක් හොලා බලලා වීසා දෙන්න. අපි ආසයි මෙහෙන් තොලොංචි වෙලා ඔහේ එන්න. ලොකු පිනක් අයියේ.