(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාවට මානුෂීය ආධාර ලබා දීම සඳහා පරිත්‍යාග කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය ජාත්‍යන්තරයෙන් කළ ඉල්ලීමට සාර්ථකව ප්‍රතිචාර ලැබී ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත.
මේ වන විට ශ්‍රී ලංකාවේ මිතුරන් ඇමෙරිකානු ඩොලර් මිලියන 101.5 ක මුදලක් එක්සත් ජාතීන් වෙත පරිත්‍යාග කර ඇතැයි හැනා සින්ගර් හැම්ඩි මහත්මිය ප්‍රකාශ කළාය.
එම මුදල් දැඩි අවදානමට ලක් වූ ශ්‍රී ලාංකිකයන් මිලියන 3.4 ක් මානුෂීය සහාය ලබා දීම සඳහා යොදාගනු ඇති බවත් පරිත්‍යාග වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මිතුරන්ට ස්තුතිවන්ත වන බවත් ඇය පෙන්වා දුන්නාය.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.