(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව මිල අධිකම රත්තරන් කාසිය ලෙස සැලකෙන "ඊද් මාර්" කාසිය ඇමෙරිකානු බලධාරීන් විසින් ග්‍රීසියට නැවතත් භාර දී තිබේ.2021 වසරේ වෙන්දේසියකදී මෙම කාසිය ඇමෙරිකානු ඩොලර් මිලියන 4.2 කට අලෙවි කර තිබේ. මෙම කාසිය සෙනෙට් සභික බෘටස් විසින් සීසර් ගේ ඝාතනය සිහිවීම සඳහා සමරුවක් ලෙස වසර 2000 කට පෙර නිර්මාණය කර ඇත.
ඇමෙරිකානු ස්වදේශ ආරක්ෂක නිලධාරීන්(හෝම් ලෑන්ඩ්) සිදු කළ විමර්ශනයකදී ව්‍යාජ ලේඛන යොදා ගනිමින් මෙම කාසිය වෙන්දේසියේ ලැයිස්තුගත කර ඇති බවත් කාසිය ග්‍රීසියේ සිට සොරකම් කර රැගෙන ආ එකක් බවත් අනාවරණය කර ගෙන ඇත. "ඊද් මාර්" කාසිය නැවත ග්‍රීසියට භාරදුන් උත්සවයේදී කාසිය සමඟ තවත් පැරණි පුරාවස්තු 28ක් ග්‍රීසියට භාර දී තිබේ.
කාසිය වෙන්දේසියේ අලෙවි කළ පුද්ගලයාද ස්වදේශ ආරක්ෂක නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබ ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලොව මිල අධිකම රන් කාසිය යළි ග්‍රීසියට
CHANDIMA Monday, 27 March 2023 10:22 PM
හෙට්ටි වීදියට කාසිය පෙන්නුවානම් දහයක් ගහලා දෙයි පහුවදාට