(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව පිළිගත් සෞඛ්‍ය සේවයක් නොමිලේ ලබා ගැනීමට ශ්‍රී ලාංකිකයන් වාසනාවන්ත වූවත් ආර්ථික අර්බුදය හේතුවෙන් එම තත්ත්වය වෙනස් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
ආර්ථික අර්බුදයත් සමඟ රෝහල් තුල උග්‍ර ඖෂධ හිඟයක් ඇතිවී තිබෙන බවත් ව්‍යාජ බෙහෙත් මිලදී ගැනීම හේතුවෙන් ගැටලු රැසක් මතුව තිබෙන බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.
අයවැයෙන් සියයට 4 ක් ශ්‍රී ලංකාව සෞඛ්‍යයට වෙන් කරන බවත් මෙරට සෞඛ්‍ය සේවය කලාපයේ හොඳම සෞඛ්‍ය සේවයන්ගෙන් එකක් ලෙස නමක් දිනා සිටි බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
මේ වනවිට වෛද්‍යවරුන් ශ්‍රී ලංකාව අත්හැර යාමටද පෙළඹී ඇතැයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.
පිළිකා රෝගීන් විශාල පිරිසකට ජීවත් වීමේ බලාපොරොත්තුවක් ලබා දෙන මහරගම අපේක්ෂා රෝහලටද ඖෂධ හිඟය බලපා ඇති බවත් කිලෝ මීටර 100 ගණනක් ගෙවා ගෙන අපේක්ෂා රෝහලට පැමිණෙන රෝගීන්ට එය විශාල ගැටලුවක් වී ඇති බවත් විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
තවමත් රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම රෝහල තුළ සිදුවුණත් ඇතැම් ඖෂධ පුද්ගලික ඔසුසල් වලින් මිලදී ගෙන පැමිණෙන ලෙස රෝගීන්ට නියම කරන බවත් ඒ සඳහා මසකට ලක්ෂයක පමණ මුදලක් රෝගීන්ට වැය කිරීමට සිදුව ඇති බවත් විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේය.ගැටලුව නම් එලෙස මසකට රුපියල් ලක්ෂයක පමණ මුදලක් ඖෂධ මිලදී ගැනීම සඳහා වෙන්කිරීමට හැකියාවක් නොමැති රෝගීන්ද සිටීම බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කළේය.
බෙහෙත් මිලදී ගැනීම සඳහා නෑදෑයන්ට සහ මිතුරන්ට ණය වීමට පිළිකා රෝගීන්ට සිදුව ඇති බවත් නොදැනුවත්මව ඇතැම් ඖෂධවල මිලද ඉහළ ගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුද්දකට එහා තත්වය දැන් නෑ, විදෙස් මාධ්‍ය වලට පිස්සු, බොරුව තමයි ලෝකේ කොහේත් රජ කරවන්නේ...
රනිල්, කෙහෙළිය සහ ඔවුන්ගේ හෙංචයියලාගේ කෙරුවාව. කෙහෙළියට ගෙන ආ ඒ විශ්වාස භංග යෝජනාවට විරුද්ධව ඡන්දය දුන් හැම කෙනෙක්ම කණගාටුදායක තත්වයට වගකිව යුතු නොවේද? මේ ඔක්කොම තවමත් හොරාකෑම අත්හැර නැති, එකම හොර නඩයකි. ඔවුන්ගේ අවශ්‍යතාවය වී ඇත්තේ ලැබී තිබෙන අවසන් මාස කීපයේදී තවතවත් ගසා කෑමයි.
කෙහෙළිය ප්රමුඛ ඖෂධ මාෆියාවට මරණ දඬුවම දීලා, ඔවුන්ගේ සියලුම දේපල වෙන්දේසි කර මුදල් සෞඛ්‍ය සේවයට ගත්තා නම් හරි...!
රට බංකොළොත් කරපු අය තමයි... ලැජ්ජා නැතිව ඡන්දෙ ඉල්ලන්න හදනවා.
බෙහෙත්වලින් ගසාකන මේවගේ රටක් ලෝකයේ කොහේවත් නැතිව ඇති...
අයවැයෙන් 4% සෞඛ්‍ය සේවයට වෙන්කරන්නේ, ඒත් බයියෝ කියන්නේ මිනිසුන්ට නිකන් කන්න දීලා බෙහෙත් දීලා රට බංකොලොත් වුණා වගේ, 2023 රජයේ ආදායමෙන් 77%ක් වැයකරලා රනිලුයි, මහින්දයි ඉවක් බවක් නැතිව ගත්තු ණය වල පොලී විතරක් ගෙවන්න. ඉතින්මෙහෙම රටක් කොහොමද මිනිසුන්ගේ මූලික අවශ්‍යතා ටිකවත් සපුරන්නේ?
මේ වෙනකොටත් ඇමතිකමේ හිටියා නම්, ලෝකෙම හොඳම සෞඛ්‍ය ඇමැති වෙන්න තිබුණා...!
දොස්තරලාගේ පඩිය ලක්ෂ 10ක්වත් කළ යුතුයි. නැත්නම් ඉතිරි වෛද්‍යවරුත් නියම වටිනාකමක් දෙන රටවලට සංක්‍රමණය වෙයි.
ඒකට මොකද ඔය තත්වයට රට පත්කරපු අය නැවත වරක් ඡන්දෙ ඉල්ලනවා රට ගොඩගන්න.
ඔක්කොම පිරිහිලා.පැරණි දාගැබක් පවා පුපුරවලා කියලා අද පත්තරේ තිබුනා .රාජා බවතු දම්මිකෝ කියලා තමා කියන්න තියෙන්නේ .මේ රටේ දෙවිවරු වගේ රජවරු හිටපු රටක .ඒකට අද ??