ලොවපුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මිලියන 50 ඉක්මවා තිබේ.
ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ කොරෝනා තොරතුරු මධ්‍යස්ථානය විසින් අද උදෑසන නිකුත් කළ වාර්තාවක දැක්වෙන්නේ එම සංඛ්‍යාව 50,675,047ක් බවයි.වයිරසය වැළඳීම හේතුවෙන් ලොවපුරා මියගිය සංඛ්‍යාව 1,260,746කි.
කෙසේ වුවද බොහෝ රටවල් වලින් නිවැරදි තොරතුරු වාර්තා නොවීම නිසා සහ ප්‍රමාණවක් පරීක්ෂණ සංඛ්‍යාවක් සිදුනොවීම නිසා සත්‍ය සංඛ්‍යාව මීට වඩා බොහෝ සෙයින් වැඩි අගයක් වියයුතු බව ද විද්‍යාඥයෝ පවසති.
මෙම වසර මුලදී වයිරසයේ පළමු රැල්ලේ කේන්ද්‍රස්ථානය බවට පත්වූ යුරෝපය දෙවන රැල්ලේදීත් රෝගීන් වැඩිපුර වාර්තා කරමින් තිබේ.
මේ වනවිට යුරෝපයෙන් වාර්තා වන ආසාදිතයන් සංඛයාව මිලියන 12.5 ඉක්මවා ඇති අතර මරණ 305,700ක් සිදුවී තිබේ.
ලොවපුරා ආසාදිතයන්ගෙන් පහෙන් එකක් බවට පත්වෙමින් ඇමරිකාවෙන් පමණක් ආසාදිතයින් 10,287,061ක් වාර්තා වී තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd