
(විමුක්ති එස් රුද්‍රිගු)
දිනෙන් දින වර්ධනය වන කෘතීම බුද්ධිය අනාගතයේදී මිනිසුන්ට රැකි රක්ෂා මිලියන 300 ක් අහිමි කරනු ඇතැයි නවතම අධ්‍යයන වාර්තාවක් පෙන්වා දී ඇත.
ලෝක ආර්ථික සංසදයේ වාර්තාවකට අනුව 2025 වසර වන විට ගෝලීයව මෝටර් රථ නිෂ්පාදන අංශයේ රැකියා අවස්ථා මිලියන 85 කෘතීම බුද්ධිය ගිල දමනු ඇත.අනාගතයේදී සෞඛ්‍ය, සංගීත, වෛද්‍ය ක්ෂේත්‍රයන්ටද කෘතීම බුද්ධිය අවතීරණ වනු ඇති බවත් ඉන් විශාල ප්‍රමාණයකට රැකි රක්ෂා අහිමි කරනු ඇති බවත් එම අධ්‍යයන වාර්තාවේ දැක්වේ.
කෘතීම බුද්ධිය හේතුවෙන් මිලියන 300 ක් පමණ රැකි රක්ෂා ප්‍රමාණයක් අහිමි වීමේ අවදානමක් තිබුණත් කෘතීම බුද්ධියට නව රැකියා අවස්ථා උත්පාදනය කිරීමටද හැකියාව තිබෙන බව එම වාර්තාව පෙන්වා දී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතය උගතුන්ට සුදු කරපටිත් අන්අයට නිල් කරපටිත් යන සීමාවට යටත්. සාමාන්‍ය කම්කරුවන්ට මෙයින් වඩාත් හොඳ රැකියා මාර්ග ඇතිවනවා.ඒත් විශේෂිත වෘත්තීන් වල යෙදෙන කම්කරුවන්ගේ රැකියාවලට රතු එලිය.....