IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට

(විමුක්ති එස් රුද්‍රිගු)

ලෝකය පුරා රටවල ආහාර උද්ධමනය ඉහළ මට්ටමක පවතින බව ලෝක බැංකුව පවසයි.මෙම වසරේ අගෝස්තු මස සිට නොවැම්බර් දක්වා ලබා ගත් දත්ත වලට අනුව ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් පීඩාවට පත් බොහෝ රටවල් අප්‍රිකාව, උතුරු ඇමෙරිකාව, ලතින් ඇමෙරිකාව, දකුණු ආසියාව, යුරෝපය සහ මධ්‍යම ආසියා කලාපයන්ට අයත් වන බව ලෝක බැංකුව පවසයි.

අඩු ආදායම් සහ මැදි ආදායම් රටවල් සියල්ලම පාහේ ඉහළ ආහාර උද්ධමනයෙන් පීඩා විඳින බවත් ලෝකයේ ආහාර උද්ධමනයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රට සිම්බාබ්වේ රාජ්‍ය බවත් ලෝක බැංකුව පෙන්වා දෙයි.සිම්බාබ්වේ රාජ්‍යයේ ආහාර උද්ධමනය සියයට 321 ක් බව ලෝක බැංකුව සඳහන් කර ඇත.

ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති දෙවන රට වන්නේ ලෙබනනය වන අතර එහි ආහාර උද්ධමනය සියයට 203 කි.තෙවන රට වෙනිසියුලාව වන අතර එහි ආහාර උද්ධමනය සියයට 158 කි.

ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ලවූ රටවල් අතර ශ්‍රී ලංකාව 7 වෙනි ස්ථානයේ පසුවන බව ලෝක බැංකුව පෙන්වා දී ඇත.ලෝක බැංකු වාර්තා අනුව ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 74 කි.



අදහස් (2)

ලොව පුරා ආහාර උද්ධමනය ඉහළට

නිහාල් Tuesday, 27 December 2022 04:31 PM

අපි වගේ බංකොළොත් රටවල් වල ආහාර උද්ධමනය තියෙන බව අමුතුවෙන් කියන්න ඕනෑ නෑනේ කියලා. දැන් මිනිස්සු බුද්ධිමත්. ප්‍රවෘත්තිය හරිද කියලා කටු ඇරලා කන සිරිතක් දැන් මිනිස්සු අතර තිබෙනවා. ඉතින් මෙහෙම ප්‍රවෘත්ති දැක්කාම මේක අපිට විතරක් බලපෑ එකක් නෙවෙයි, ලෝකෙටම බලපෑ එකක් කියලා අපිට දැන් හිතෙන්නේ නෑ...

:       2       2

Asitha Perera Tuesday, 27 December 2022 07:12 PM

හොඳ වෙලාවට කිව්වේ, ඒ කියන්නේ මේක ලෝකෙම තියෙන ප්‍රශ්නයක්... තව පොඩ්ඩෙන් අපි හිතනවා ලංකාවේ දූෂණ හින්දා බංකොළොත් වෙලා කියලා... ඒත් මම කල්පනා කළේ මෙච්චර දේශප්‍රේමී දේශපාලුවන් ඉන්න රටක් බංකොළොත් වෙන්නේ කොහොමද කියලා, බොහෝම ස්තුතියි දැනුවත් කළාට අපිත් දන්න අයට කියන්නම්...!

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site