
(විමුක්ති එස් රුද්‍රිගු)
ලොව ධනවත්ම දේශපාලනඥයා රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පවසයි.
ඔහුට අයත් වත්කම් වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් බවත් ඒ අතර ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක මන්දිරයක්, ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක ගුවන් යානයක් තිබෙන බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කර ඇත.
එම මන්දිරයේ කෑම කාමරයේ තිබෙන භාණ්ඩවල වටිනාකම ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 5 ක් බවද එම වෙබ් අඩවිය පෙන්වා දෙයි.එසේම ඔහුට මෝටර් රථ 700 ක් , සැහැල්ලු ගුවන් යානා සහ හෙලිකොප්ටර් 58 ක් , නිවාස 19 ක් පමණ හිමි බව පැවැසෙයි.ජනාධිපති පුටින්ට අයත් ඇමෙරිකානු ඩොලර් මිලියන 716 ක වටිනාකමින් යුත් ගුවන් යානය පියාසර කරන ක්‍රෙම්ලිනය ලෙස හඳුන්වන බවද එම වාර්තා දැක්වේ.
ජනාධිපති පුටින්ගේ වත්කම්වල වටිනාකම ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ක් ලෙස සටහන් කළත් සැබැවින්ම එය ඇමෙරිකානු ඩොලර් බිලියන 200 ට වඩා වැඩි බව ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය සඳහන් කරයි.නමුත් ඔහු මෙතරම් වතක්මක් උපයා තිබෙන්නේ කෙසේදැයි අභිරහසක් බවද ෆයිනෑන්ෂල් එක්ස්ප්‍රස් වෙබ් අඩවිය පෙන්වා දෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුටින් පරදවන්න පුළුවන් එකම කෙනයි ඉන්නේ.. අපේ මයින්ද මාත්තියා තමයි ඉතින්...
උගන්ඩාවෙ මහින්ද රාජපක්ෂ
වැරැදිලා වගේ...! වෙන්න අමාරුයි, අපිටත් නොදෙවෙනි රජෙක් ඇතේ...!
කොහෙත්ම නැහැ අපේ රාජපක්ෂලාට ඩොලර් බිලියන 50.0කට වැඩියි. පුටින්ට රුසියානු රුබල් බිලියන 50.0 ක් තිබිය හැකිය, එය කිසිවක් නැත.
අපි පුටින්ට කැමැතියි. පුටින් කොහොමත් වැඩකාරයා. මේ ළඟදිත් ශ්‍රී ලංකාවට ආධාරයක් දුන්නානේ... මේ දාලා තියෙන්නේ රුසියානු රජයට අයිත් දේවල්නේ... පුටින් මේ දේවල් මහජනයාට බෙදලා දේවි...
අයියෝ ඔය ටයිටලේ මහින්ද මහත්තයාට දුන්නා නම් අපේ ජෙපි, සජබ මඩ බලකාය පස්වනක් ප්‍රීතියෙන් පිනායනවානේ...
අපේ වාචාල වීරවංශයාත් 2019 දී ගෙනාව නේද මෙහෙත් පුටින් කෙනක්ව.
ජෙප්පෝ හදන්නේත් ඔය තත්වයට එන්න. කාල් මාක්ස් Das Kapital පොතත් අරගෙන පස්ස දොරෙන් ගිහිල්ලා...
ඉතින් මේ. වත්කම් ගන්නෙ රටේ මුදල් වලින් නේද. ජනතාවගෙ. මෙයාට දෙමව්පියන්ගෙන් ලැබුන ඒවද. නැහැනෙ. වොරන් බෆට්. බිල් ගෙට්ස් ලා නොම්මර එකේ කොටිපතියෝ. ඒයාලගෙ බිස්නස් වලින්. මෙයා රටේ මුදල් වලින්. වත්කම් හදා ගෙන . අපේ හිටපු. මයිනා වගේ. පුත්තුන්ට. උගත් කමක්. නැහැ රැකියා නැහැ. ඒ වුනාට. සුපිරි ජිවිත ගෙවන්නෙ. තව ටික දවසකින්. සුපිරි ජිවිත ඉවරයි. කුඹුරට බහින්න වෙයි
මේ කොවිඩ් මගුල නොඑන්න ඔය චාන්ස් එක අපට ගන්න තිබුනා නේ ?නෙලුම් පොකුණු දෙකෙන් ගන්න තිබුණු මෙඩල් එක