
(අංජුල මහික වීරරත්න)
ලොව දිගම මුද්දරය ලෙස මිලිමීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගන්වනු ලැබීය.
මිලිමීටර් 205 කින් යුතුව මහනුවර ඓතිහාසික ශ්‍රි දළදා පෙරහැර සංකේතවත් කරමින් තැපැල් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ සමරු මුද්දරය ජනාධිපතිවරයාට පිළිගැන්වූයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය තැපැල්පති රාජිත කේ. රණසිංහ මහතා විසිනි.
ශ්‍රී දළදා මාළිගාව සහ බෞද්ධ සංස්කෘතිය ආශ්‍රයෙන් නිර්මාණය කරන ලද මුද්දර, සිහිවටන පත්‍රිකා සහ මුල්දින කවර එකතුවක් ශ්‍රී දළදා මාළිගාවේ කෞතුකාගාරයේ තැන්පත් කිරීම සඳහා දියවඩන නිලමේවරයා වෙත පිළිගැන්වීම ද සිදු කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අලවන්න ලොව දිගම ලියුම් කවරයකුත් ඒ එක්කම නිකුත් කලානම් තමා මරු...
ලොකුම දේ කරන්න අපි තරම් දක්ෂයෝ ලොවෙත් නෑ
ඔය මුද්දරේ ගම් ටිකක් වැඩියෙන් ගාලා කට සීල් කරගත්තා නම් නරකද? ඒකට තමයි ඕක නිකුත් කළේ...
මෙම මුද්දරය පිටරටවල සිටින අප වැනි අයට ලබාගත හැකි ක්‍රමයක් කියා දුන්නොත් එය පින් සිද්ද වෙන වැඩක් නේද?
අපේ රටට එච්චරයි අඩුවෙලා තිබුණේ. අනේ සාදු...
ලෝකයටම ණයවෙච්චි රටට ඔච්චරයි අඩුවෙලා තිබුණේ...
එතකොට දැන් ඕක අලවන්නේ මොකේද?
ලෝකයේ දිගම අරක දිගම මේක .හැබැයි රට බංකොලොත් .ඕක හීනියට රෝල් කරලා . ...
අපේ අය හරි කැමැතියි ලෝකයේ ලොකුම දේවල් කරන්න. ලෝකෙ ලොකුම ආර්ථික පරිහානිත රට බවට අපේ රට පත් කෙරුවෙත් මෙයාලාමනේ...!
ලංකාවේ තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර නිකුත් කිරීමේදී ඒවායේ ප්‍රායෝගික භාවිතාව පිළිබඳව කොතරම් දුරට සැලකිලිමත්ද? උදාහරණයක් ලෙස කිවහොත් දැනට දිවුරුම් ප්‍රකාශ සඳහා භාවිතා වන රුපියල් 50 මුද්දරය වරින්වර ඉතා විශාල දිග පළලකින් යුතුව නිකුත් කරනවා. එම විශාල මුද්දර අදාල ස්ථානවල ඇලවීමට ඉඩ නොමැති වීමෙන් මිනිස්සු අපහසුතාවට පත්වෙනවා.
බන්දුලගේ හැටි?
නිර්මාණකරු කවුද
නිර්මාණකරු කවුද?