IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


ලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයි

(රොෂාන් තුෂාර)

හෘදයාබාධයකින් මිය ගියේ යැයි මරණ පරීක්ෂණ තීන්දුවක් ලබා දී ඇති සෙලින්කෝ සමූහ ව්‍යාපාරයේ හිටපු අධිපති ලලිත් කොතලාවල මහතා මියගිය වේලාවන් තුනක් සටහන්ව ඇති බැවින් මරණය සම්බන්ධව තවදුරටත් සැක සහිත බැවින් විමර්ශන කටයුතු අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට පත්කරන ලෙස ගෝල්ඩන් කී සමාගමේ තැන්පත්කරුවකු කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා හමුවේ කරුණු දක්වමින් ඉල්ලා සිටියේය.

කොතලාවල මහතාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ ලේඛන පරීක්ෂා කිරීමේදී මරණයට පත් වූ වේලාවන් තුනක් සටහන්ව ඇති බවට පෙනී යන බවද,පොලිසිය කළ විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බැවින් තවදුරටත් විමර්ශන කිරීමට නියෝග කරන ලෙසද හෙතෙම වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

පොලිසිය විමර්ශන සම්බන්ධයෙන් සෑහීමකට පත් නොවන්නේ නම් පොලිස්පතිවරයාට පැමිණිලි කළ හැකි බව මෙහිදී මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.

එම අවස්ථාවේදී වැඩිදුරටත් කරුණු දැක්වූ තැන්පත්කාර ජුඩ් මාර්කෝ පෙරේරා මහතා කියා සිටියේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයාගේ මරණ පරීක්ෂණ සටහන් අනුව මධ්‍යම රාත්‍රී 00.58 ට කොතලාවල මහතා මියගිය බවට සටහන් වුවද පොලිස් වාර්තාවේ මරණය සිදුවූ වේලාව උදෑසන 3.55 ලෙස සටහන් කර ඇති බවය.

තවත් අධිකරණ ලේඛනයක වෙනත් වේලාවක් සටහන් කර ඇති බවද පැවසීය.

 



අදහස් (5)

ලලිත් කොතලාවල තෙවරක් මැරිලා:පරීක්ෂණයක් ඉල්ලයි

රංබොඩ Tuesday, 11 June 2024 09:31 AM

දැන් එතකොට එයා මැරිලා නෑ කියලද ඔප්පු කරන්න හදන්නේ ?

:       7       14

Lal Tuesday, 11 June 2024 09:53 AM

සෝම හාමුදුරුවන්ට කරපුවා පල දුන්න හැටි. අද හාමුදුරුවන්ට බැන බැන ධර්මයට ගරහමින් යන අයටත් ඉතින් ඔය සෙතේම තමයි.

:       21       18

RuwanTuesday, 11 June 2024 10:54 AM

සෝම හාමුදුරුවන්ගේ මරණය ස්වභාවික මරණයක්.හැබැයි හාමුදුරුවෝ උන්න නම් රාජපක්ෂලා විකුණන් කාපු හැටියට ලැජ්ජාවේ පණ ගිහින් තමයි මැරෙන්න වෙන්නේ.

:       5       8

රංබොඩTuesday, 11 June 2024 11:09 AM

ගොඩක් අය මේ සිද්ධිය දන්නෙ නෑ. කොතලාවල උන්නැහේ ආගම මාරු කළා විතරක් නෙවෙයි බුදු දහමට වෛර කළා. දැන් ඉපදුන තැනක විඳවනවා ඇති

:       8       7

Nihal Tuesday, 11 June 2024 11:43 AM

මැරිච්ච අයට දෙයියන්ට පණ තියෙනවානම් පණ දෙන්න පුලුවන්

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 514 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 264 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1060 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site