IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


ලූලා යළි බ්‍රසීල ජනපති

බ්‍රසීල ජනාධිපතිවරණයේ ඊයේ(30) පැවති දෙවැනි වටයේ ඡන්ද විමසීමෙන් ඡන්ද 60,345,107 ලබාගනිමින් ලූලා ද සිල්වා ජයග්‍රහණය කළේය.එය ප්‍රතිශතයක් ලෙස සියයට 50.9 කි.

යාර් බොල්සරානෝ හට ලබා ගත හැකි වූයේ ඡන්ද 58,205,814 ක් පමණි එය ප්‍රතිශතයක් ලෙස සියයට 49.1 කි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ අවසන් වටය ඊයේ(30) පැවැත්වින. අවසන් වටය සඳහා ඉදිරිපත් වූයේ පළමු වටයෙන් වැඩි ඡන්ද දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා වන වත්මන් ජනාධිපති යාර් බොල්සරාවෝ සහ හිටපු ජනාධිපතිවරයකු වන ලූලා ද සිල්වාය.

දෙවනි ධුරයක් අපේක්ෂා කරමින් ජනපති සටනට ඉදිරිපත් වුණු යාර් බොල්සරානෝ අන්ත දක්ෂිණාංශිකයෙකි. ලූලා ද සිල්වා වාමාංශිකයෙකි.

බ්‍රසීල ජනාධිපතිවරණයේ පළමු වටය පසුගිය ඔක්තෝබර් දෙවැනිදා පැවැත්විණි. ඊට අපේක්ෂකයන් 11 දෙනකු ඉදිරිපත් වුණු අතර කිසිවකුට සියයට 50 කට වඩා වැඩියෙන් ඡන්ද ප්‍රතිශතයක් හිමිකර ගැනීමට නොහැකි වීම හේතුවෙන් දෙවැනි වටයකට යාමට සිදුවින.පළමු වටයේ වැඩිම ඡන්ද ප්‍රතිශත හිමිකර ගත්තේ බොල්සරානෝ සහ ලූලා ද සිල්වාය.

ලූලා ද සිල්වා 2003 සිට 2010 තෙක් කාලයේ බ්‍රසීල ජනාධිපති ධුරය හෙබවීය.

 



අදහස් (3)

ලූලා යළි බ්‍රසීල ජනපති

යෝගා Monday, 31 October 2022 09:36 AM

ලූලෙක් නැති අපේ වලේ කනයා පණ්ඩිතයා වෙලා

:       0       55

මැක්ස් Monday, 31 October 2022 10:02 AM

මහතීර් මොහොමඩ්, ජුනියර් මාකෝස් යලි බලයට ආව පුවත වගේම මේ පුවතක්, රාජපක්ෂ වෛරයෙන් සහ ක්‍රෝධයෙන් පෙළෙන ජවිපෙ, සජබ භක්තිවන්ත දායක නෝනා මහත්තුරුන්ට හීන් දාඩිය දැමීමට හේතු වනවා ඇත.

:       14       38

Buddika Monday, 31 October 2022 12:14 PM

ඒ කියන්නෙ කනයා ඇගමති කරයි ද??

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 208 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 167 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 967 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site