
( රෝහණ සමරවීර සහ ජයන්ත නානායක්කාර)
ඇැඹිලිපිටිය කුඹුගොඩආර පාලම මතින් කොට ලොරියක් ගමන් කරමින් තිබියදී ලොරි රථය සමගම අද (05) එම පාලම හුලන්දාව ඔයට කඩා වැටී ඇත.
තෝරකොලයාය දෙස සිට කොටන් තොගයක් රැගත් ලොරි රථය පාලම මතින් ඇඹිලිපිටිය දෙසට ගමන් කරමින් සිටියදි එම අනතුර සිදුවී ඇති අතර එහි රියදුරුට අමතරව ලොරි රථ සහයකයෙක් ගමන්කර ඇති බවත් අනතරෙන් පසුව ප්‍රදේශ වාසීන් එක් එම දෙදෙනා පිටතට ගෙන ඇති නමුත් ඔවුන්ට තුවාලයක් නැති බව පොලිසිය පවසයි.
මේ වන විට එහි වාහන ගමනා ගමනය හා පා ගමන් සම්පූර්ණයෙන්ම නැවැතී ඇති අතර ව්කල්ප මාර්ගයක් ලෙස ඇඹිලිපිටිය කදුරුගස්ආර හරහා මිද්දෙනිය මාර්ගය භාව්තා කරණ ලෙස ඇඹිලිපිටිය මූලස්ථාන පොලිසිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
කඩා වැටී ඇති පාලම හරහා සමහර පුද්ගලයන් එගොඩ මෙගොඩ වීමට උත්සහ කිරීම දැඩි අනාරක්ෂිත ක්‍රියාවක් බවත් එය වහා නවතා දමන ලෙස පොලිසිය ජනතාවට ඉල්ලීමක් කර සිටියි.


2025 දෙසැම්බර් මස 18
158
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
956
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලොරිය සමඟ හුලන්දාව ඔයට පාලම කඩා වැටෙයි
වන්නි ආරච්චි Monday, 05 February 2024 01:49 PM
පාලම ප්‍රමිතියෙන් තොරද, කව්ද කොන්ත්‍රාත්කරු? ලොරිය පාලමට ඔරොත්තු දෙන තරමට බරක්ද රැගෙන ගියේ? පාලම මතින් ගෙනයා හැකි උපරිම බර ප්‍රමාණය පාලම අසල සඳහන් කර තිබේද? රියදුරු බීමතින් ලොරිය ගෙන ගියේද? කොට ගෙනියන්න බලපත්‍රයක් තිබේද? ලොරිය මාර්ගයේ ධාවනයට සුදුසු තත්වයේ තියේද? මේවා නොදැන කිසිවක් කියන්න අමාරුයි...!