(රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)
ලොරියක වහලයේ පැටවූ භාණ්ඩවල ගොඩනැගිල්ලකට ඇද තිබූ විදුලි වයරයක් පැටලී එය සවි කර තිබූ යකඩය ගැලවී පාසල් සිසුවියකගේ හිසේ වැදීමෙන් පසු තුවාල ලැබූ පාසල් දැරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ දී මියගිය බව පොලිසිය කියයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වාරියපොල ශ්‍රී සුමංගල ජාතික පාසලේ 8 ඩී ශ්‍රේණියේ ඉගෙනුම ලබන සහේලි සදුපමා නැමැති ගෝනගම අළුපොතගම ප්‍රදේශයේ පදිංචි දැරියකි.
සිද්ධිය වූ අවස්ථාවේදීම ප්‍රදේශවාසීන් එක්ව වහාම දැරිය වාරියපොල දිසා රෝහලට ඇතුලත් කළ අතර එහිදී මූලික ප්‍රථිකාර ලබාදී වැඩිදුර ප්‍රථිකාර සදහා කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවන ලදී. එම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ එක් දිනක් රදවා සිටි දැරිය හිසට සිදුවූ බරපතළ හානි හේතුවෙන් මිය ගියාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම කණගාටුයි...
බොහොම කනගාටුදායක පුවතක්. රියදුරා කුඩු ගහල ලොරිය එලවන්ඩ දන්නෙ නැහැ. නොසැලකිලිමත් ලෙස ලොරියෙ වහලයට ඉහලින් බඩු පටවා ගෙන, පාර හරහා තිබෙන විදුලි රැහන් සම්බන්දව කිසිම තැකීමක් නොකොට යාම නිස කිසිම සම්බන්යදයක් නැති අංන්සක දියනියකගෙ ජෙඑවිතය නැති උනා. දෙමවුපියන්ට, ඵෞලෙ උඩවිය.