
(ඉන්දිකා රාමනායක සහ ප්‍රදීප් කුමාර)
මාන්කුලම වසන්තනගර් හන්දියේදී අද (26) අලුයම ලොරි රථයක් සහ හමුදා ට්‍රක් රථයක් ගැටී සිදුවු අනතුරකින් යුද හමුදා සැරයන්වරයකු මිය ගොස් තවත් හමුදා සාමාජිකයන් නව දෙනෙකු තුවාල ලබා ඇතැයි කිලිනොච්චි පොලිසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ ඇහැටුවව , ගල්ගමුව ප්‍රදේශයේ පදිංචි (39) හැවිරිදි සැරයන්වරයෙකු වන අතර ඔහු මුරුකන්ඩියේ යුද හමුදා කඳවුරට අනුයුක්තව රාජකාරී කරමින් සිට ඇත.
සෙබලුන් පිරිසක් රැගෙන මාන්කුලම් සිට කිලිනොච්චි බලා ධාවනය වෙමින් තිබියදී කැබ් රථයට පිටුපසින් ධාවනය වූ ලොරි රථය එකවරම කැබ් රථය ගැටීමෙන් කැබිනට් රථයේ පිටුපස ගමන් ගත් සැරයන්වරයා මාර්ගයෙන් ඉවතට විසි වී විරුද්ධ දෙසින් පැමිණිලොරි රථයක ගැටී බරපතල තුවාල ලබා සිටි බව පොලිසිය සඳහන් කරයි.
සිද්ධියෙන් තුවාල ලැබූ සැරයන්වරයා කිලිනොච්චි රෝහලට රැගෙන යන අතරතුර මියගොස් ඇත.
මෙම අනතුරින් තවත් සෙබළුන් නව දෙනකු තුවාල ලබා ඇති අතර ඔවුන් කිලිනොච්චි රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.
කිලිනොච්චි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
(ඡායාරූප: ප්‍රදීප් කුමාර)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd