(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සොරකම් නඩු 11 සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු 11 ක් ලබා සිටි පුද්ගලයකු හොරණ නගරයේදී අත්අඩංගුවට ගත් බව හොරණ මූලස්ථාන පොලිසිය කියයි.
අත්අඩංගුවට ගත් සැකකරු දිවයිනේ ලියාපදිංචි අපරාදකරුවකු බව ද පොලිසිය සඳහන් කරයි.
සැකකරු පොල් කඩන මුවාවෙන් හොරණ සැරිසරා නිවාස 11 දේපල සොරා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත සිටී පුද්ගලයෙකි.
සැකකරුට එරෙහිව තිබූ එම නඩු 11 ට ඉදිරිපත් නොවී අධිකරණය මග හැරීම හේතුවෙන් ඔහුට විරුද්ධව වරෙන්තු නිකුත් කර තිබු බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.
අත්අඩංගුවට ගත් සැකකරු අඟුරුවාතොට වැලිකැටල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 44 ක තැනැත්තෙකි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වර්තමනයෙ, මොනව කරත් ලියාපදිංචි වෙන එක හොදා!