
(සුජිත් ප්‍රසංග සහ ඩයනා උදයංගනී)
ප්‍රවීණ රංගනී ශිල්පිනියක වූ ලියෝනි කොතලාවල අද සිය දිවි සැරිය නිම කළාය.
1962 වසරේ ශ්‍රී ලංකා කලා මණ්ඩලය සංවිධානය කළ නාට්‍ය තරගයක් වෙනුවෙන් ජී.ඩී.එල්. පෙරේරා නිර්මාණය කළ සාමා වේදිකා නාට්‍යයට රංගන දායකත්වය දෙමින් කලාවට පිවිසි ඇය ඒ ඇසුරින්ම නිර්මාණය වූ සාමා චිත්‍රපටයේ රඟපාමින් සිනමාවට පිවිසියාය.
චණ්ඩාලි, පිපෙන කුමුදු, වජිරා වැනි චිත්‍රපටවලට ඇය රංගනයෙන් දායක වූවාය.
සෝමාගේ සිහිනය, තාරාදේවි,චරිත තුනක්, කුමාරිහාමි, චාරුලතා,අරවින්ද සහ ඉන්ද්‍රා,හිරුට මුවාවෙන්,නෑදෑයෝ, වැනි විශිෂ්ඨ ටෙලි නාට්‍ය රැසකට රංගනයට දායක වූ ඇය මිය යනවිට 78 වැනි වියේ පසු වූවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අජරාමර නිවන්සැප ලැබේවා...!
ලංකාවට මහඟු සේවයක් කළ ඔබට නිවන් සුව ලැබේවා.
අපේ රටට දේශපාලකයෙකුට වඩා විශාල සේවයක් කලාවෙන් මෙරටට කළ ඔබතුමියට නිවන්සුවය ලැබේවායි ප්‍රාර්ථනා කරමි..!
සාම චිත්‍රපටියේ සිට මෙතුමියගේ සෑම චිත්‍රපටයක්ම මම බැලුවා. තාත්වික රංගනය ඉතාම උසස් චිත්‍රපටි නිළියක්. නිවන් සැප ලැබේවා..!
ඇයට නිවන් සුව ලැබේවා...!
ඔබතුමියට නිවන් සුව පතමි