(යොහාන් භාසුර)
විදුලි ජනනය සඳහා ප්‍රමාණවත් ඉන්ධන නොමැති වීම නිසා හෙට (16) ‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටකට පැය 4 යි විනාඩි 45 ක් ද, ‘ඒ’ සිට ‘එල්’ දක්වා කලාප 12 කට පැය තුනයි විනාඩි 45 ක් ද, විදුලිය කප්පාදු කරන බව ලංකා විදුලිබල මණ්ඩලය ඊයේ (15) පස්වරු පැවසීය.
‘පී’ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප අටට පෙරවරු 8.30 සිට පස්වරු 5.30 දක්වා පැය තුනක් ද, පස්වරු 5.30 සිට රාත්‍රී 10.45 දක්වා පස්වරු කාලයේ පැයයි විනාඩි 45 ද, ‘ඒ’ සිට ‘එල්’ කලාප 12 කට පෙරවරු 8.00 සිට පස්වරු 6.00 දක්වා දහවල් කාලයේ පැය 2 යි විනාඩි 30 ක් ද, පස්වරු 6.00 සිට රාත්‍රී 11.00 දක්වා පස්වරුවේ පැයයි විනාඩි 15 ක් ද, විදුලිය කප්පාදු කරන බවත් ලංකා විදුලිබල මණ්ඩලය කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු හරි පැහැදිලි කිරිමක් කරන්න, රාති 8.30 වගේ ඉල්ලුම වැඩිම වෙලාවකට විදුලිය දෙන්න පුලුවන් කමක් තියෙනවානම්, ඇයි මෙහෙම මිනිස්සු අපහසුතාවයට පත් කරමින් කප්පාදුවක් කරන්නෙ. එක දවසකට කොහොමද තෙල්, ඩීසල් , ඩොලර් මතු වෙන්නෙ කරන්ට් එක කපන්නෙ නැතිව ඉන්න. අපි සේරම ඒ වෙලාවට තියෙන විදුලි උපකරණ සියල්ල ඔන් කරානම් මොකද.... බිල් ගෙවන අපිට විදුලි කප්පාදු කරල, එයාලට හිතුනම කප්පාදුවක් නොකරනවා අදාල වෙලාවල් වලදිම. ඒ කියන්නෙ රාත්‍රි විදුලි කප්පාදුව කඩාකප්පල් කාරි ක්‍රියාවක් විදුලි බල මණ්ඩලයෙ.
කෝ අර බමුණා? උඩ පැන පැන කඩේ යන්නේ වෙනදට...