IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


ලුම්බිණි ඇක්වේරියා අපනයන රන් සම්මානය දිනයි

ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ ජාතික මණ්ඩලය (NCE) විසින් සංවිධානය කරණු ලබන වාර්ෂික අපනයන සම්මාන උළෙලේදී, විසිතුරු මත්ස්‍ය අංශයේ විශාල කාණ්ඩයේ ‘රන් සම්මානය’ දිනා ගැනීමට ලුම්බිණි ඇක්වේරියා ඉන්ටර්නැෂනල් (පෞද්ගලික) සමාගම සමත්වී ඇත. 

විසිතුරු මත්ස්‍ය හා ජලජ ශාක ව්‍යාපාරයේ පුරෝගාමී සමාගමක් වන ලුම්බිණි ඇක්වේරියා සමාගම, ශ්‍රී ලංකාවෙන් බිලියනයකට වඩා සජීවී මසුන් අපනයනය කිරීමේ ගෞරවයට පාත්‍රවී සිටින ආයතනයක් වෙයි.

 අපනයන කාර්ය්‍ය සාධනය සඳහා වන මෙම කීර්තිමත් රන් සම්මානයෙන් ලුම්බිණි ඇක්වේරියා සමාගමේ ව්‍යාපාර ආකෘතියේ වැදගත් අංග කිහිපයක්ම අවධාරණය කෙරෙයි. ඒ අතර ව්‍යාපාරයේ විශිෂ්ටත්වය සමග ව්‍යාපාර ක්‍ෂේත්‍රයට අදාළ වන වැදගත් සාධකයක් වන, සමාජ, පාරිසරික සහ ආර්ථික යන ත්‍රිත්ව පහළ රේඛාව පුළුල් ලෙස අගැයීමට ලක්වී ඇත.

 වර්තමානයේදී Forsyth Capital විසින් හිමිකාරිත්වය දරනු ලබන ලුම්බිණි ඇක්වේරියා සමාගම, වසර 70ක් පැරැණි ශ්‍රී ලංකාවේ ප්‍රථම විසිතුරු මත්ස්‍ය සහ ජලජ පැලෑටි අපනයන සමාගමද වෙයි. මෙම සමාගම ශ්‍රී ලංකාව පුරා අභිජනන මධ්‍යස්ථාන 5ක් ක්‍රියාත්මක කරන අතර, මිරිදිය මත්ස්‍ය, ශීතජල මත්ස්‍ය, සමුද්‍ර මත්ස්‍ය, අපෘෂ්ඨවංශීන් සහ ජලජ පැලෑටි ඇතුලු විවිධ වර්ග දහසකට අධික ගණනක් ලෝකයේ රටවල් 26කට අපනයනය කරයි.

NCE ජාතික සම්මානවල අඛණ්ඩ ජයග්‍රහකයකු වන ලුම්බිණි ඇක්වේරියා සමාගම 2018 වසරේදී රිදී සම්මානයක් සහ 2017 සහ 2021 වසරවලදී ලෝකඩ සම්මාන දිනාගත්තේය.

595



අදහස් (0)

ලුම්බිණි ඇක්වේරියා අපනයන රන් සම්මානය දිනයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 340 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 101 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 789 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site