(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් සමාගම පෞද්ගලික අංශයට පැවරීමට ආණ්ඩුව අභිලාශ (පෞද්ගලික ආයතනවලින් කැමැත්ත) කැඳවා ඇති බව එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (26) පෙරවරුවේ පැවසීය.
ලිට්‍රෝ සමාගම පසුගිය වසරේ රුපියල් කෝටි 700 කට ආසන්න ලාභයක් ලැබූ බව කී සභාපතිවරයා එම ආයතනය විකිණීමට තමන් තුළ කිසිඳු බලාපොරොත්තුවක් නොමැති වුවද ආණ්ඩුවේ තීරණවලට බලපෑම් කළ නොහැකි බව ද සඳහන් කළේය.
මෙරට ජනතාවගේ ගෑස් අවශ්‍යතාව සම්පූර්ණ කිරීම සභාපතිවරයා ලෙස සිය ඉලක්කය බවත් ජාතික මට්ටමේ තීන්දු තීරණ ගැනීමේදී කැබිනට් මණ්ඩලය වැනි වෙනත් තළයක් තීරණ ගන්නා බවත් ඒ මහතා කීය.
රාජ්‍ය ආයතනය පෞද්ගලිකරණය සඳහා තීරණ ගැනීමට වෙනත් කමිටුවක් ඇති බව කී පීරිස් මහතා එම කමිටුවේ තීරණය පිළිබඳව ලිට්‍රෝ සමාගමේ සභාපතිවරයා ලෙස තමන්ට වගකීමක් හෝ වගවීමක් නොමැති බව ද සදඟන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොරාකන එකයි, විකුණාගෙන කන ඇරෙන්න වෙන මොනවත් නොදන්නා කල්ලියෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.
රත්‍රන් බිත්තර දැමූ කිකිළි මතක් වුණා... ඒක වෙනම දෙයක් කියමුකෝ.. ඒත් රජය ව්‍යාපාර නොකරනවා නම් හොඳයි... ඒ අතර රජයේ අයිතිය තිබිලා පුද්ගලික අංශයට දෙනවිට විකිණීමට ඇතුළත් කරන කොන්දේසි ජනතා හිතවාදී වීමට සකසන්න ඕනෑ... එහෙම නොකළොත් තමයි ප්‍රශ්න හා ගැටළු වෙන්නේ... උදාහරණයක් හැටියට කිව්වොත් මේ වනවිට කීප වාරයක් භාණ්ඩාගාරයට මුදල් යවලා තියෙන්නේ පුද්ගලික වුණොත් ඒවා නැතිනොවෙන ආකාරයට ගිවිසුම් ගතවීමට බලපාන ආකාරයට කටයුතු කරන්න ඕනෑ...
ගෑස් විකිණීම, ඉන්ධන විකිණීම, හෝටල්වල අයිතිය වැනි ව්‍යාපාර කිරීම රජයක් විසින් කළයුතු දේවල්ද?
තියෙන තියෙන එක විකුණාගෙන කන එකයි, ණයට ගන්න එකයි ඇරෙන්න වෙනනම් කරන දෙයක් පේන්න නෑ. කට මැත දෙඩවනවා රට ගොඩදැම්මා කියලා. දැන් සමාජ ජාලා එහෙමත් තහනම් කරගෙන තමයි ජනාධිපතිවරණයට එන්න හදන්නේ... ඇත්තටම කිසිම පක්ෂයක ජාතික නායකයෙක් නෑනේ ඡන්දයක් දෙන්න...
දැන් ඕක විකුණුවේ නැතිනම් අපිට ලාබෙට ගෑස් ලැබෙනවද? එහෙම නැතිනම් නිකන් ගෑස් ලැබෙනවද? අනේ නිකන් පලයල්ලා යන්න... ඔයාට ඕනේ නම් කාපල්ලා.. ඒත් මට නම් දැන් වැඩක් නැහැ... මට වීසා දෙන්න යුරෝපයට යන්න...
ව්‍යාපාර කරන රාජ්‍ය ආයතන සියල්ල පුද්ගලික අංශයට දී ආණ්ඩුව ඔවුන්ගෙන් බදු අය කරගත යුතුයි. එසේත් නැත්නම් ආණ්ඩුවට සුළුතර කොටස් තියෙන සමාගම් කළ යුතුයි. එවිට ආණ්ඩුවේ අඩු ආදායම ඉහල යනවා මෙන්ම වෙළඳපොළ තරඟකාරිත්වයක් ඇතිවෙලා ඒකාධිකාර පවත්වාගෙන යන්න බැරි වෙනවා. මුදල් උපයන ව්‍යාපාර ආණ්ඩුව සතු වුණාම එවායේ දූෂණ වංචා වෙනවා වැඩියි...
දියුණු වෙන රටකට අවශ්‍ය ලාභ ලබන ආයතන. ඒවා රජයේද පවුද්ගලිකද කියන එක අදාළ නැහැ. ප්‍රශ්ණය තියෙන්නේ ලංකාව වගේ රටක, ලාබ නොලබන විට රජයේ ආයතනවල පව් මහජනයා මත පැටවෙන විටයි. එනිසා රජය කළ යුත්තේ ව්‍යාපාර සියල්ල පවුද්ගලික අංශයට පමණක් පවරා ශක්තිමත් නීති පද්ධතියකින් එම ව්‍යාපාර සහ බදු ප්‍රතිපත්තිය ආරක්ෂණය කිරීමයි. එදා, බස්, ට්‍රාන්ස්පෝමර ආදී රජයේ දේපොළ මෙන්ම විරුද්ධවාදීන් ගේ ජිවිත හා දේපොළ ද ගිනි තබා විනාශ කර අපේ රට ගොඩගන්න බැරි තරම් ආපස්සට ඇදීමට එකතු වූ රතු මල්ලිලා අදත් පාරවල් අවහිර කරමින් පිස්සු කෙළින්නේ රජය මගින් කරන මේ ව්‍යාපාර දඩමීමා කර ගනිමිනි. අතීතය නොදත් තරුණ පරම්පරාව තවදුරටත් නොමඟ යැවීමට ඇති වේදිකාවලට පාටක්, පක්ෂයක් නොබලා තිත තැබිය යුතුමයි...
ඇයි ලාබ ලබන ආයතනයක් විකුණන්නේ? පෞද්ගලික අංශයට තරගකාරි ලෙස නව ආයතන පිහිටුවන්න ඉඩ දෙන්න...!
ලාබද? පාඩුද? කියන එක අදාළ නැහැ. ගන්න කෙනෙක් ඉන්නවා නම් රටේ ඕන සම්පතක් විකුණනවා. ඒක තමයි රනිල් ඇතුළු මේ ආණ්ඩුවේ වැඩපිළිවෙළ...!
පාර්ලීමේන්තුව දුවන්නේ පාඩුවටද? ලාබයටද? විකුණාගන්න බැරිද? ලාභ ඒවයි. අලාභ ඒවායි. දෙක විකුණන නිසා ඇහුවේ...!
චන්ද්‍රිකා මහත්මිය ජනාධිපති කාලයේ ගෑස් අලෙවිය විදේශ සමාගමකට දීලා ජනතාවට සෑහෙන්න ප්‍රශ්න ඇතිවුණානේ... ඒ මෝඩකම නැවත කරන්න එපා.