IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ලිබියාවේ ගංවතුරෙන් මියගිය ගණන 20,000 ක්

(විමුක්ති එස් රුද්‍රිගු)

නැගෙනහිර ලිබියාවේ ඇති වූ දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 20000 ක් දක්වා වැඩි වීමට ඉඩ තිබෙන බව ඩර්නා නගරයේ නගරාධිපති අබ්දුල් මෙනම් අල් ගයිති අරාබි පුවත් සේවයකට ප්‍රකාශ කර ඇත.

ඩැනියෙල් සුළි කුණාටුව කඩා වැදීමත් සමග පසුගිය ඉරිදා ඩර්නා හි වේලි දෙකක් සහ පාලම් හතරක් කඩා වැටුණු අතර ඒ හේතුවෙන් නගරයේ බොහෝ ප්‍රදේශ ජලයෙන් යට විය.එම ගංවතුර තත්ත්වය හේතුවෙන් 10000 කට අධික පිරිසක් අතුරුදන් වූ අතර නිල වශයෙන් පුද්ගලයන් 5000 කට අධික පිරිසක් ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය බව බලධාරීන් ප්‍රකාශ කළේය.

ගංවතුර තත්ත්වය පිළිබඳ කලින් අනතුරු ඇඟවීම් සිදු කළේ නම් සහ අපදා කළමනාකරණ පද්ධතීන් නිසියාකාරව ක්‍රියාත්මක වූයේ නම් මෙවැනි විශාල හානියක් වීම වළක්වා ගැනීමට ඉඩ තිබූ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අද(14) ජිනීවා නුවරදී පැවසුවේය.



අදහස් (0)

ලිබියාවේ ගංවතුරෙන් මියගිය ගණන 20,000 ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 290 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site