(අංජුල මහික වීරරත්න)
අස්වැසුම හිමි විය යුතු සියලු දෙනාට කඩිනමින් එම සහනය ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආර්ථික වශයෙන් කඩා වැටුණු රටේ ජනතාව ජීවත් කරවීම සඳහා “අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන් මඟින් විශාල කාර්යභාරයක් සිදු කරමින් තිබෙන බවද ජනාධිපතිවරයා කීය.
“අස්වැසුම” සහ “උරුමය” වැඩසටහන නිවැරදිව ජනතාව අතරට ගෙන යාම සඳහා රාජ්‍ය නිලධාරීන්ගේ සහාය අවශ්‍ය බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි "අස්වැසුම" වැඩසටහන ක්‍රියාත්මකවීම පිළිබඳ සොයා බැලීමේ හමුවකට මාතලේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී අද (29) පෙරවරුවේ සහභාගී වෙමිනි.
රජයේ එම වැඩපිළිවෙළ වෙනුවෙන් කොන්දේසි විරහිතව සහාය ලබාදෙන බවට විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සියලු ග්‍රාම නිලධාරීහු ජනාධිපතිවරයා හමුවේ ප්‍රකාශ කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවත්කරවන්න නොවේ ජීවත්වෙන්න යම්කිසි රැකියාවකට නිෂ්පාදන ක්‍රියාවලියකට යොමු කරවන්න ක්‍රියාවලියක් හදන්න... සහනාධාරය ජීවනෝපාය මාර්ගය වෙලා.මහපොල ශිෂ්‍යාධාරය විශ්ව විද්‍යාල සිසුන්ගේ වැටුප වෙලා... දෙමාපියන්ට අයිති රාජකාරියට ආණ්ඩුව කරගැසීමේ පාපය බදුගෙවන වැඩ කරන ජනතාවට...
අපෙන් 24% ක් බදු ගැහුවේ නිකම්මුන්ට අස්වැසුම දෙන්නද? බදු සල්ලි රටේ නිශ්පාදනය වැඩි කරගන්න ආයෝජනය නොකර ඡන්දේ ගන්න පිනට බෙදලා කොහොමද රට හදන්නේ?
බිලී පිති දෙනවා කියලා නේද ආවේ? කෝ බන් ඒවා. චන්දෙ ලං කරලා සහනාධාර බෙදන්නේ ඕවා අපේ බදු සල්ලි, ඕකට කියන්නේ බදු මුදල් අපහරණය .