ලෙබනනයේ තොරතුරු කටයුතු පිළිබඳ අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් අද (9) එම ධුරයෙන් ඉල්ලා අස් වූවාය.
ලෙබනනයේ බේරූට් අගනුවර අඩකට වැඩි ප්‍රමාණයක් විනාශයට පත් කළ දැවන්ත පිපිරීමෙන් පසු ආණ්ඩුවේ සාමාජිකයකු ඉල්ලා අස්වූ පළමු අවස්ථාව මෙය විය.
මෙම පිපිරීම වළක්වාගත හැකිව තිබූ එකක් බවත් අවදානම දැන දැනම ඇමෝනියම් නයිට්‍රේට් තොගය වරායේ තබා තිබූ බවත් මේ වනවිට අනාවරණය වී තිබේ. මේ හේතුවෙන් එරට ජනතාවගෙන් ආණ්ඩුවට සහ දේශපාලන තන්ත්‍රයට දැඩි විරෝධයක් එල්ල වී තිබෙන අතර ලෙබනන වැසියෝ දැඩි කෝපයෙන් පසුවෙති.
‘‘බේරූට් මහ ව්‍යවසනයෙන් පස්සේල මම ආණ්ඩුවෙන් ඉල්ලා අස්වෙනවා.’’ යැයි තොරතුරු අමාත්‍ය මනාල් අබ්දෙල් සමාද් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළාය.
ලෙබනන ජනතාවගේ විශ්වාසය කඩ කිරීමත් ඔවුන් අසමත් කිරීමත් සම්බන්ධයෙන් සමාව අයැද සිටින බව ද ඇය සඳහන් කළාය.
ඒ.එෆ්.පී./ රොයිටර්
055
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
පැවති 7 වන ගෝලීය ව්‍යාපාර නායකත්ව සංසදයේදී, ලෝක සාමය සහ රාජ්‍ය තාන්ත්‍රික සංවිධානය (WPDO) වෙතින් තිරසාරභාවය සහ සාමය සඳහා වූ සුවිශේෂී දායකත්වය වෙනුවෙන් මොහ
ලෙබනන තොරතුරු අමාත්‍යවරිය ඉල්ලා අස්වෙයි