(යොහාන් භාසුර)
සියලුම රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් අගෝස්තු 1 වැනිදා සිට 5 වැනිදා දක්වා සතියේ සඳුදා, අඟහරුවාදා සහ බ්‍රහස්පතින්දා පමණක් පැවැත්වීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍යාංශයේ උසස් නිලධාරියකු පැවැසීය.
ඉන්පසුව පාසල් පැවැත්වෙන ආකාරය පිළිබඳව නැවත සාකච්ඡා කර තීරණය කිරීමට නියමිත බව ද එම නිලධාරියා වැඩිදුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොවිඩ් ආරම්භයේ සිට, ගුරු වර්ජන අතරේ, රටේ ආර්ථික අභියෝග හමුවේ අඩුම ප්‍රමුඛතාවය හිමිව ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රයටයි. මේ ගෙවා දමා ඇති වසර 3ක පමණ කාලය සුළුපටු නොවේ. මෙපමණ කලක් ගතවුනත් අධ්‍යාපන අමාත්යංශය නියාමනය කරන ක්‍රමවත් මාර්ගගත අධ්‍යාපන ක්‍රියාවලියක් සිදුවන්නේද නැත. අධ්‍යාපන අමාත්යංශය සිදු කරනුයේ පාසල් නිවාඩු ප්‍රකාශ කිරීම, පාසල් පවත්වන දින ගණන් අඩු කිරීම, වාර විභාග නොපවත්වන ලෙස චක්‍ර ලේඛන නිකුත් කිරීම වැනි අධ්‍යාපනයට ඍන බලපෑමක් සිදුකරන ක්‍රියා පමණි. මෙම වැරදි අධ්‍යාපනයට කළමනාකරණය නිසා අත්වන බලපෑම අප රටට දැනෙනුයේ තව වසර 10-20 අතර කාලයේදීය. එදින මෙරට ඉතිරිවන්නේ ආර්ථික වශයෙන් ඉතා දිලිදු, දැනුමෙන් අඩු නුගත් පරපුරක් පමණි. මේ යථාර්තය තීරණ ගන්නා බලධාරීන්ට නොතේරීම අප රටේ අවාසනාව යි.