(රංජන් කස්තුරි)

ප්‍රමාණවත් තරම් ගල්අඟුරු තොග නොලැබුණහොත් ලංකා ඉතිහාසයේ විශාලතම විදුලිය කප්පාදුවට ලබන වසරේදී මුහුණදීමට සිදුවනු ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය සඳහන් කරයි.

ලබන 2023 වසරේ ජූලි ආගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී එම විදුලි කප්පාදුවට යෑමට සිදුවන බව ද එම කාලයේදී දිනකට පැය ගණන් විදුලිය කපාහැරීමට සිදුවනු ඇතැයි ද ලංවීම ඉංජිනේරු සංගමයේ සභාපති නිහාල් වීරරත්න මහතා  පවසයි.

නොරොච්චෝල ගල්අඟුරු බලාගාරය අඛණ්ඩව ක්‍රියාත්මක කිරීම සඳහා ගල්අඟුරු මෙට්‍රික්ටොන් 60000 නැවි 38ක් ගෙන්විය යුතු වුවත් මේ වනවිට ගෙන්වැ ඇත්තේ නැව් 4ක් පමණකැයි ද ඒ මහතා පෙන්වා දෙයි.