(නිමල කොඩිතුවක්කු)
ලබන වසරේ මාර්තු වන විට මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බව පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ උදය ගම්මන්පිල මහතා කොළඹදී පැවසීය.
ඒ අනුව ලබන මාර්තු මාසයේ දැවැන්ත විදුලි කප්පාදුවක් සිදු කරනු ඇතැයිද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
තමන් පසුගිය වසරේත් විදුලි අර්බුදය පිළිබඳ අනතුරු ඇඟවූවත් ඒ පිළිබඳ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය පියවර නෙගැනීමෙන් රට බරපතල තත්ත්වයකට පත් වූ බවත් කොලඹදී පැවති මාධ්‍ය හමුවකදී ඔහු පැවසීය.
මාස දෙකකට ප්‍රමාණවත් ගල් අඟුරු තොගයක් නොමැති බව විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර තිබියදී ඩෙලර් අර්බුදයත් සමග මේ වසරටත් වඩා භයානක විදුලි අර්බුදයක් ඇතිවීමේ අවදානමක් පවතින බවත් ඔහු සඳහන් කළේය.
COMMENTS
අර ඕස්ට්‍රේලියා වල සල්ලි පොළ තියපු කෙනා එදා ඉඳන් අදුරෙලු ඉන්නේ.
තමුනුත් ඇමතිකම් දරපු කෙනෙක් විදියට මේවට වගකිව යුතුයි .හොරකම් වන්චා දූෂණ නිසි කළමනාකරණයක් නැතිකම ,රටම වලපල්ලට වැටුනේ මෙකි නොකී දුෂිත දේසපාලුවෝ ,නිලදාරීන් සහ අකාර්යක්ෂමතාව නිසා. අන්තිමට දුක් වින්දින්නේ දූෂිත දේසපාලුවන්ව බලයට පත්කරපු ජනතාව .
එහෙම සැලසුම් කරලද ලොක්කො ආණ්ඩුවෙන් එළියට බැස්සෙ.තමුන් විකාර' කතා කියලා තමයි කාලයක් ඉන්ධන පෝලිම් ඇතිවුණේ .කොහොමත් 2024 නොවෙයි 2025 මහ මැතිවරණය සදහා නැවතත් පොහොට්ටුව සමග සංධාන ගතවෙනවා නේද මහත්තයෝ එහෙම නැතුව උතුර දකුණ මාරුවුනා කියලා ඊළඟ වතාවේ නම් රට කෑමට දියවන්නාවෙ හෝටලේට යන්න ලැබෙන්නේ නැහැ
රටේ ලයිට් නැත්නම් මේ තරම් සතුටු වන අය තවත් නෑ.
මාර්තු වෙනකොට ඡන්දයක් තියනවලු නේද? ආපහු පරණ හොරු ටිකම යවාවිද දන්නේ නැහැ.
මේ අය ගියපාරත් කළේ ඔය වගේ බොරු කියලා මහජනතාව නොමග යවපු එක. මේ පාර්ත් ඒකම කරනවා. මුන් සමාජයට පිළිලයක්.
ඒ කාලෙට වහිනවද? පායනවද කියලා කියන්න කාළගුණ දෙපාර්තමේන්තුවටවත් බැරි කොට ඔහේ මේ හිතෙන හිතෙන දේවල් කටට එන පළියට අර නක්ෂත්‍රකරයෝ වගේ කියලා රට ගිනි තියන්නේ නැතුව ඉන්නවන නම් නේද හොඳ.
සමහරු කියන්නේ දැන් හරි කියලා. බැංකුවේ මැනේජර් මහත්තයත් කිව්වා දැන් හරි අපි ගාව ඩොලර් තියෙනවා බය වෙන්න එපා කියලා. මම හිතන්නේ මුන් හිතන් ඇත්තේ අපි ඉස්කෝලෙ ගිහින් නෑ කියල.
මේ තත්තවෛට රට වැටෙන්න මෙයත් වගකිව යුතු පුද්ගලයෙක්. දැන් ඇඟ බේරගන්න හැදුවට.