(අංජුල මහික වීරරත්න)
රජය සතු විදේශ සංචිත පහළ යෑම නිසා ඉන්ධන ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ ගෙන්වීම නතර වීම මෙන්ම පොහොර ප්‍රශ්නය ලබන වසරේ ආහාර අර්බුදයක් නිර්මාණය වීමට හේතුවක් වනු ඇතැයි ද මේ සියළු ප්‍රශ්නවලට රජය ඉක්මණින් විසඳුම් සෙවිය යුතු යැයිද එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා නිවෙිදනයක් නිකුත් කරමින් පවසයි.
සංඛ්‍යා ලේඛන විජ්ජා පෙන්වමින් රට මුලා නොකර පවතින සැබෑ ආර්ථික අර්බුදය හෙළිකරමින් ඊට මුහුණ දීමෙි සැලසුම් ජනාධිපතිවරයාගේ ජාතිය ඇමතීමේ කතාවෙන් ද නොකී බැවින් මුදල් ඇමති ලෙස අගමැතිවරයා හෝ මේ ගැන ප්‍රකාශයක් කළ යුතුව ඇතැයි විජයවර්ධන මහතා සඳහන් කරයි.
"ආණ්ඩුවේ සැලසුමක් නොමැති ආර්ථික ප්‍රතිපත්තිය හේතුවෙන් දිනෙන් දිනම ජීවන බර ඉහළ යමින් ජනතාව පීඩාවට පත්ව සිටියි. සහල් ඇතුළු අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යයන් ගේ මිල පාලනය කිරීමට යැයි කියමින් ආණ්ඩුව ගැසට් නිවේදන ප්‍රකාශයට පත් කළ ද ඒවා අර්ථ විරහිත කරමින් භාණ්ඩ මිල වෙළෙඳ පොළ තුළ ඉහළ ගොස් තිබේ.
කොවිඩ් වසංගතය හමුවේ ජනතාව ආර්ථික වශයෙන් මිරිකෙමින් සිටිය දී ආණ්ඩුව ඒ කිසිවක් තඹයකට මායිම් නොකර භාණ්ඩ මිල සුළඟේ පාව යාමට ඉඩදී අහක බලාගෙන සිටීම අප තරයේ හෙළා දකිමු" යනුවෙන් ද විජයවර්ධන මහතා සදහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකටද බය වෙන්නේ...? අර මත්තල ගබඩා කරපු වී ටික ගන්න පුළුවන්නේ... විකාර දොඩවනවා.
රට පාලනය කරන්න බැරිනම් කරන්න පුලුවන් කෙනෙකුට රට බාරදුන්නොත් නරකද? ඉදිරියේ විශාල ආර්ථික අර්බුදයක පෙර සලකුනු පෙනෙනවා.
මිනිසුන් ආණ්ඩුවට බනින්නේ හැමදෙයක්ම පිටරටින් ගේනවා කියලා. මේක හොඳ අවස්ථාවක්.. වසවිස නැති පොහොර ගමේම හදාගෙන මුදල් ඉතිරි කරගන්න. ඒ වගේම හොඳ සෞඛ්‍යමත් දිවියක් ගොඩනගන්න...
බොර දියේ මාළු බාන ඇත්තන් තමන්ගේ මල්ල තරවෙනවා බලන්න කල දුටු කල වල ඉහගන්න දඟළනවා. හැබැයි ඉතින් මේවා පුස් වෙඩි වග උකුණු හිසක් තරම්වත් මොළයක් තියෙන ඕනෑම කෙනෙකුට වැටහෙනවා.
හරි ජොලි නේද ? මෙහෙමත් දේශපාලකයන් අපිටත් ඉන්නවානේ...
ඔය මොලේ බලේ තිබ්බ කාලේ තිබ්බේ අැලේද?
රටට කෙල වෙනකම් බලන් ඉන්නවා බලය ඩැහැගන්න... මේ අයත් දේශපාලකයින්ද?
මේ ප්‍රතිචාර දැක්වූ එක් අයෙකු හෝ රටේ පවත්නා ප්‍රශ්නය ස්පර්ශ කර නැත. පුටුව කැඩුණ බව කීමට වඩුවෙකුම විය යුතු නැත. සමහර විට, පුටුව කැඩී ඇත්තේ වඩුවාගේ වරදින් නොව පුටුව පරිහරණයේ වරදක් විය හැකිය. අවධානය යොමුවිය යුත්තේ එය වෙතය.
ජනාධිපතිතුමාගේ තීරන තමයි රටේ අභිවෘද්දිය