(අංජුල මහික වීරරත්න)
ලබන යල කන්නයේදීත් බරපතල නියඟය සහිත කාලගුණික තත්ත්වයකට මුහුණ දීමට සිදුවනූ ඇතැයි කාලගුණික අංශ අවධාරණය කර තිබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.
එම නියඟ සහිත කාලගුණික තත්ත්වයට මුහුණ දෙමින් වගා කටයුතු සිදු කිරීමට පියවර ගත යුතුව ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා කීය.
මෙවර යල කන්නයේ නියඟයෙන් අක්කර ලක්ෂයක්වත් හානි විය හැකි බව පුරෝකතනය කර තිබුණද හානි සිදුවී ඇති අක්කර ප්‍රමාණය 66,000ක් බව කෘෂිකාර්මික හා ගොවිජන රක්ෂණ මණ්ඩලය සඳහන් කර ඇතැයි අමාත්‍යවරයා කීය.
එල් නිනෝ ක්‍රියාවලිය හේතුවෙන් නියඟ තත්ත්වය මෙන්ම ඉදිරි මාස් කන්නයේ විශාල වර්ෂාවක් මෙන්ම ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව කාලගුණ අංශ ප්‍රකාශ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය.
මේ නිසා වගා කටයුතු කලට වේලාවට නොකලොත් ජලය අපතේ යාමක් මෙන්ම ගංවතුර තත්ත්වයකදී විශාල වගා හානියක් නැවත සිදුවිය හැකි බව මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
හම්බන්තොට ගොවි හමුවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක කියන්නේ ඇමතියෙක් මොකටද .කෝ ඔබතුමාගේ සැලසුම්
ඉන්දික මහත්මය ඉබ්බන්ගෙන් පිහාටු ඉල්ලන්න එපා ,සැලසුම් හදන්න දැනුමක් තිබෙන්න ඔනෙ. අපොස උසස්පෙලවත් නැති මෙතුමා කොහොමද සලසුම් හදන්නෙ? අනුන් හදල දෙන සැලසුමක්වත් කියවල තෙරුම් කරගන්න සභවකඩි අහන ප්‍රශ්නවලට නිසි උට්තර ඩෙන්න මොහුට බහ , ලබන වසරෙ යල කන්නෙ වෙනකොට මෙගොල්ල ගෙදර.