(අංජුල මහික වීරරත්න)
වී වගාවට අවශ්‍ය TSP (මඩ පොහොර) පොහොර මෙට්‍රික් ටොන් 36,000ක් ආධාරයක් වශයෙන් ලබන යල කන්නයේ දී ලබා දීමට ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය( USAID) එකඟතාවය පළ කර ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.
මෙි වන විට එම පොහොර අපනයනය යුක්රේනය විසින් අත්හිටුවා ඇති නිසා මෙවර මහ කන්නයට ලබා ගැනීමට අපහසු නමුත් ලබන යල කන්නය සඳහා ස්ථිර වශයෙන්ම ගොවීන්ට නොමිලයේ මඩ පොහොර ලබා දීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා සඳහන් කළේය.
වී වගාවට අවශ්‍ය යුරියා පොහොර, බණ්ඩි පොහොර හා ත්‍රිත්ව සුපිරි පොහොර හෙවත් මඩ පොහොර ලබා දීමට කටයුතු කිරීමේ දී රටේ ආර්ථික අර්බුදය දැඩිලෙස බලපෑමක් එල්ල කළත්, මේ වනවිට වී හා බඩඉරිඟු වගාවට අවශ්‍ය සම්පූර්ණ යුරියා පොහොර හා බණ්ඩි පොහොර ලබා දීමට රජයට හැකි වූ බව කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලබන යල කන්නයට නොමිලේ මඩ පොහොර
Nimal Sunday, 30 October 2022 03:16 PM
මෙයා ඉතින් දෙනවා වගේනේ කියන්නේ...!
Bamunuarachchi Sunday, 30 October 2022 03:29 PM
මේක මාර වැඩක්නේ යකෝ. පිටරටින් නොමිලේ පොහොර ලැබිලද? ගොවියාට නොමිලේ පොහොර දෙන්නේ? නැතිනම් ඇමැතිලාගේ සල්ලවලින්ද පොහොර අරගෙනද නොමිලේ දෙන්නේ? අපට හැරෙන හැරෙන පැත්තට බදු ගහලා ගොවියාට පොහොර නොමිලේ දෙන්න හදනවා. ගොයියා වී ටික රජයට නොදී මෝල් කාරයාට විකුණනවා. අන්තිමට පොහොර නොමිලේ දීමේ වාසිය මෝල් කාරයාටයි...
kamal Sunday, 30 October 2022 03:49 PM
එළකිරි. මහජන මුදල් ගොවීන්ට දෙන්න. ගොවින් අස්වැන්න ඩඩ්ලිට දෙන්න. එල එල...!
ගොවිරාළ Sunday, 30 October 2022 05:19 PM
හලෝ උන්නැහේ යල කන්නය ගැන කරන්න ඉස්සෙල්ලා දැනට වැඩ ආරම්භ කරලා තියෙන මේ මාසයේ 15 දින වනවිට වපුරා අවසන් කරන අයට (රත්නපුර දිස්ත්‍රික්කය ගැන නොකියන නිසා රත්නපුර ගැනත් බලන්න කියන්නේ) පොහොර ටික දීලා යල කන්නේ ගැන පස්සේ කතා කරන්න... මොකද ඊළඟ කන්නය ගැන කියන්නේ මැතිවරණය ළඟදී තියෙයිද?
Kumara Sunday, 30 October 2022 11:00 PM
පුතා මේ පාර මඩ කරන්නේ සත්තුන්ගේ නිදහස.
Sunil Monday, 31 October 2022 07:48 AM
ලබන යල කන්නයට පෙර දැන්වත් මේ මහ කන්නය ගැන බලන්න. මඩ පොහොර සහ දෙනවයි කියූ කාබනික පොහොරවත් ඔබේම දිස්ත්‍රික්කය වන හම්බන්තොට ගොවීන්ට නැහැ. වනෝද්‍යාන විනාශ කරන්න පෙර මේවා ගැන සොයා බලන්න.