(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මුළු රටම එකතු කරගෙන ලබන නව වෙනිදා කොළඹට පැමිණ මේ අරගලය අවසානය කරා ගෙන ගොස් දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ දරුවන්ගෙන් ඉල්ලීමක් කරන බව සමගි ජන බලවේගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පාර්ලිමේන්තුවේ දී අද පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ හදිසි නීතිය දීර්ඝ කිරීමේ යෝජනාව පිළිබඳ විවාදයේදීය.
වෙනත් අරමුණු වෙනුවෙන් නොබෙදී එකම අරමුණක් වෙනුවෙන් කටයුතු කරන ලෙස අරගලයේ නිරත දරුවන්ට දැනුම්දෙන බවද හෙතෙම සඳහන් කළේය.
වර්තමාන පාලකයන් අරගලකරුවන් තුවක්කු බලයෙන් මර්දනය කිරීමට කටයුතු කරමින් සිටින බවත් ඒ සඳහා කිසිම ආකාරයකට මැදිහත් නොවන ලෙස පොලිසිය සහ හමුදාවේ සාමාජිකයන් ගෙන් ඉල්ලීමක් කරන බවත් ඔහු පැවසුවේය.
එසේ ම දූෂිත පාලකයන් සඳහා මුදල් එවීමෙන් වළකින ලෙස විදේශගත ශ්‍රී ලාංකිකයන් ගෙන් ඉල්ලා සිටින බව පැවසූ සරත් ෆොන්සේකා මහතා අරගල කරුවන්ට තමා සැමවිටම ආශිර්වාද කරන බවද ප්‍රකාශ කළේය.
යම් යම් ස්ථානවල යම් යම් වටිනා දේවල් විනාශ වී ඇති බවට සමහරුන් ප්‍රකාශ කරන බවත් අරගලකරුවන් කැප වී සිටින්නේ ඒ විනාශ වූ දේට වඩා වැඩි දෙයක් රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ලබාදීමේ උතුම් අරමුණින් යුතුව යැයි අප කවුරුත් සිහි තබා ගත යුතු බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මෝ ඇති යාන්තම් යුද්ධය දිනාගත්තා. පුදුමයි කිව්වේ නැත්තේ ප්‍රභාකරන්ට කොළඹට ඇවිල්ලා අල්ලගන්න කියලා. පෙබරවාරි 04 කරන්න හැදුවේ ඒකද දන්නේ නැහැ.. ඒක තමයි හිරේ යැව්වේ.. දැනුත් ත්‍රස්තවාදී වැඩ කරන්න අනුබල දෙනවට ඕනෑ නම් හිරේ යවන්න පුළුවන්. කිව්වා වගේ යුද්ධය දිනලා තියෙන්නේ ගෝඨයි, මහින්දයි එකතු වෙලා... ශුවර් නැහැ.
සුදු කොඩි කතාවක් කියල හමුදාව පවල දුන්නා.දැන් රට ආයෙත් ගිනිතියන්න ෆුල් ට්‍රයි.
සියලුදෙනාට රටේ නීතියට අනුව සාමකාමී විරෝධතාවල නිරතවීමට ඉඩ ඇති බවත්, අරගලයේ නිරත වූවන්ට ද එම අයිතිය ඇති අතර විවිධ දක්ෂතා ඇති තරුණ තරුණියන් ද ඊට එක්ව සිටි අයුරු තමා දුටු බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
මම මේ පුද්ගලයාගේ කිසිදු සුදුසුකමක් නොදකිමි. මානසික ව්‍යාධියකින් පෙළෙන බැව් පෙනේ...!
බොරදියේ මාලු බාන තවත් පුද්ගලයෙක්. මොහු ආවොත්, මිනිස්සු ගෝඨාභය හොදයි කියයි.
දැන් ඡන්ද හම්බ වෙයි අරගලය රැකියාවක් හැටියට කරන බාළ පුතාලගෙන්
ඔබතුමාගේ අවංක, නිර්භීත ප්‍රකාශයට මගේ ප්‍රණාමය.ඔබ වැනි කෙලින් කතාකරන " මිනිසුන් " ඉතාම විරල යුගයක් මේ අප ගෙවමින් සිටින්නේ.ඔබතුමාකිව් පරිදිම ලබන 9 දා හෝ ඊට පෙර මේ හොර අසික්කිත බයියන් ඇතුළු හොර ජනාධිපතිවත් පන්නාදමා වාසනාවන්ත රටක් ගොඩනැගීමට මේ රටේ ජනතාවට හැකිවෙනවා නියතයි.අරගලයට ජය වේවා....!!!
එකඟයි...
ෆොන්සේකට හොඳටම මඤ්ඤං, මූට ඕන කොහොමහරි රාජපක්ෂලාගෙන් පළිගන්න . ඒක කරගනින් පුද්ගලිකව, රට ගිනි තියන්නේ නැතුව. අරගල දරුවෝ අරගලය දරුවෝ ගගා කොල්ලො බිල්ලට දෙන්නේ නැතුව. මුන් විපක්ෂයට වෙලා ඉඳගෙන දොඩව දොඩව ඉන්නවා, විපක්ෂ රාජකාරි කරන්න මුං කියන වෙලාවට මිනිස්සු කොළඹ එන්න ඕන, කඳුළුගෑස් කන්ඩයි වෙඩි කන්ඩයි.
බේරා දෙන්නට හිතලා වයිරසය රට--එව්වා කැරැල්ලක් ගාලුමුවදොර කට රැට්ටා කහිනවා ඇහිලාම වටම වට--අරගල භූමි හිස්වුනා නිහඬකර කට
ඔබතුමා කිව යුතු දේවල් ඉතා කෙටියෙන් පැවසුව . කොතරම් ඔබ රටට aආදරෙයි කියා ලංකාවේ ඉන්න මිනිස්සුන්ට තේරුම් යන්න ඕන . ලබන 9 වෙනිදා මුළු ලංකාවටම හොඳ කලක් එයි කියා බලාපොරොත්තු වෙනවා .
ඔහු ඉතාමත් හොඳ හමුදා නිලධාරියෙක්... නමුත් දේශපාලන දැනුමක් නම් නැහැ...!
මම විතරයි පොර න්‍යායෙන් ඔලුව පුරව ගත්ත අයෙකුට හොදම උදාහරණය .හතර වටේටම බනිනවා.9 වෙනි දා එන්න.මාව ජනපති කරන්න දරුවනේ.එත කං අරගලය හොදායි.මෙයා මෙයාලගේ ලොක්කටත් වැඩේ දීලා තමා.පස්ස බලන්නේ.
වෙල්විදානේ මහජනයා අවුස්සලා රට අරාජික කරන්නයි හදන්නේ. ඇයි රනිල්ට අඩුම ගානේ මාස 03ක් වත් දෙන්න බැරි..?
මෙයා හදන්නෙ.කොල්ලො ටික බිල්ලට දීල එයාට චන්දෙ වැඩි කරගන්න තමයි
වෙල් විදානේට අමු කැවිලා. මෙයාට පාර්ලිමේන්තුවට ඇවිත් මෙහෙම කියන්න හරි පුළුවන් වුනේ , එදා හමුදාව පාර්ලිමේන්තුව කැරැලිකරුවන්ගෙන් ආරක්ෂා කරගත්තු හින්දා. එදා ඔය ලාදලු බෝපත් වගේ හිටපු අහිංසක ළමයි ටික හමුදාවේ අයගේ ඔලු පලනකොට මේ ගොය්යා සද්ද නැහැ. ඌරං කැකුණ තලනකොට හබන් කුකුලන්ට රජ මගුල්. මේ ගොය්යා හිරේ ඉන්නෝන සිංහල ත්‍රස්ත්ත්වාදියෙක්. මෙයා බලන්නේ අරගලයෙන් ජනාධිපති වෙන්න. ඒවානම් වානා ගොයියෝ !!
ශ්‍රේෂ්ඨ සහ අගය කළ යුතු වැඩක්...!
ස්තුතියි..!
බළලුන් ලවා කොස් ඇට බාගන්න උත්සහ කරන තවත් නාකි ඇටිකුකුළෙක්.
මේ මොන ගොන් මට්ටේක්ද? හමුදාව සහ පොලිස්සිය වැඩකරන්නේ මෙයාගේ නියෝග වලට නොවෙයි රජය දෙන නියෝගවලට. ඔහේ ෆීල්ඩ් මාර්ෂල් තනතුර නමට විතරය්. රජය ගෙනෙන හැම පනතක්ම සම්මත වෙනවා. මෙයා අපිට බයිලා කියනවා. අරගල කරන්න එකතුවෙලා හිරෙයන්න තනි තනිවම. ඒකත් ඔයගමන්ම අරගල කාරයින්ට මතක් කොරන්න. අන්න ඩුබායි පනින්න හදපු අරගල කාරයෙක් 5 වෙනිදා වෙකම් රිමාන්ඩ. කෝ ජෙප්පො කුරුටුට්ටෝ ස්ජබයෝ? තමන්ගේ වියදමින් උසාවී පලයල්ලකෝ.
88,89 කාලෙත් ඔබතුමා ආරක්ෂක අංශවල ඔහොම කිව්වද? දැන් බලද්දී ඔබතුමාත් අනෙක් දේශපාලකයන් වගේ තමයි. රට ගිනි නොතියා ඕනෑ දෙයක් කරන්න. ඕවායින් තැලෙන්නේ දුප්පතුන්ම තමයි. ඔය විදිහට ඔබතුමාත් යුද්ද කරලා නෑනේ..!
රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණ වරදට හිරේ දාන්න ඕන.
අරගල කලයුත්තේ පවත්නා ක්‍රමය වෙනස් කිරිම වෙනුවෙන් මිස පුද්ගලයා වෙනස් කිරිමට නොව! අවස්ථාවාදී දේශපාලන නතර කල යුතුයි!
හලෝ ඔයාට අතීතයේදී ජනපති වෙන්න තම අවස්ථාව පුද කළ කෙනෙකුගේ ගෙය ගිනිතැබීම අනුමත කරන කෙනෙකු ලෙස ඔබ ජනතාවගේ පිළිකුළට භාජනය වනවා පමණක් නොව විශ්වාසයක් තැබිය නොහැකි පුද්ගල ලැයිස්තුවේ අංක එකට පත් වීම නොවැලක් විය හැකිවේ.
මේ ජනතාවගෙ කැමැත්ත ඇති ජනතා නියෝජිතයො නෙමෙයි දැන් මේ පාර්ලිමේන්තුවෙ ඉන්නෙ. ජනාදිපති හොරු 134 පත්කල අයෙක් . ඔහු මෙරට ජනාතාව පත්කල අයෙක් නෙමෙයි. වහාම මැතිවරනයක් තියන්න, ජනතාවට තමන්ගෙ නියෝජිතයො තෝරගන්න෴
බොරදියේ මාලු බානව කියන්නෙ මෙකට. පිස්සෙක්
අපි දැන් රනිල්ව ගෙදර යවන්නද ඔනෙ ?
අරගලයට ජයවේවා.ඔබතුමා අරගලයට දෙන සහයෝගය විශිෂ්ඨයි.මේ දූෂිත ඩීල් දේශපාලනය සහ දූෂිත ව්‍යවස්ථාව මෙවර අවසන් නොකලහොත් රටම අගාධයට යනු ඇත.ඔබතුමාට තෙරුවන් සරණයි.ජයවේවා.
මෙච්චර කල් උඩ පැන්නා අරගලයට නායකත්වයක් නැහැ අහවලා පිටිපස්සෙන් ඉන්නේ... අරයා තමයි තිරිය පිටිපස්සේ ඉන්නෙ කිය කියා. දැන් මේ මනුස්සයව කන්න හදනවා නායකත්වයක් දෙන කතාවක් කිව්වම. ලංකාවේ මිනිස්සු එක්ක වැඩ කරද්දි බූරුව කරේ තිය ගත්ත කතාව මතක් වෙනවා.
ජනතවගෙ පත්තෙ ඉන්න නායකයෙක් පත්වෙනකම් දිගටම අරගල කරන්න ඔන. නැත්නම් මෙ ක්‍රමය වෙනස් වෙන්නෙ නෑ. රාජපක්ශල සම්පුර්නයෙන්ම දේශපලනයෙන් අයින් විය යුතුයි. රනිල් රාජපක්ශත් ගෙදර යැවිය යුතුමයි.
ඔබතුමාට තිබුන ජනතා ප්‍රසාදය නැතිකරන්න එපා තුමා.ඔබතුමා රනිල් සමග අධික වෛරයෙන් ඉන්නවා කියලා පේනවා .නමුත් චූට්ටක් හිතල බලන්න ඔබට පක්ෂයට තිබුන අවස්ථාව අතැර ඔබ පොදු අපේක්ෂක කලේ රනිල් .ඔබට ෆීල්ඩ් මාර්ෂල් දෙන්න වැඩකලේ රනිල් .අනේ තුමා බුදුහාමුදුරුවෝ උන්වහන්සේට බුදුවීමට සෙවන දුන් බෝධියට සතියක් ඇස්පිය නොගසා පූජාවක් කලා.එහෙමයි බුදුණුවෝ වන අපේ සිරිත .ඔබතුමා ඔහොම කෙනෙක් බව කලින් දන්නවා නම් 2010 ජනාධිපතිවරණයට ඔබට කොහොමවත් ඡන්ද දෙන්න හිතන්නේ වත් නැහැ ඔබතුමාට ඡන්දය දීලා මෙහෙම කියන්නෙ ඉතාම කණගාටුවෙන් .
මෙන්න බොලේ්, දූෂිත දේශපාලනඥයන්ගෙන් රට බේරගන්න කියලා අරගලයේ නාමයෙන් දේපල විනාශ කල ඒ කැරලි කාර ත්‍රස්ත දූෂියන්ට සෙනෙහෙ බර ඇරයුම්
එකම විසදුම මැතිවරණයකට යෑම
වෙල්විදානෙට අමු කැවිල.
මෙ විදියට 225 ජනදිපතිල කරන්නයි වෙන්නෙ රටෙ තියෙන්නෙ අරතික අරබුදයක් එකෙන් වාසි අරන් හැමෝම තමන්ගෙ ගොඩ වැඩි කරගන්න මාන බලනව වගේ. තරුණ කොටස් ගොනාට අන්දන්න ඔනෙම කෙනෙකුට පහසුවෙන් පුලුවන් සියලු දෙනා ඩොලර් හොයන්න ක්‍රමයක් හොයන්න ඔනෙ මේ වෙලාවෙ.
අපි එනවා අරගලයට.ජයවේවා අරගලයට.......