
(අංජුල මහික වීරරත්න)
ලබන වසරේත් මෙරට තිබෙන්නේ වත්මන් ආණ්ඩුවම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ආණ්ඩුව නැති වෙන්නේ ආණ්ඩුවේ මහජන නියෝජිතයන් ගමට නොගියොත් බව කී ජනාධිපතිවරයා සංවර්ධනය සදහා ලබා දී ඇති මුදල් ගෙන ගමට ගොස් ගමේ සංවර්ධනයට සෘජුවමට දායකවන්නැයි ඉල්ලා සිටියේය.
ගම්පහ දිස්ත්‍රික්කයේ සංවර්ධන කටයුතු ද පිළිබද ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීවේය.
නිවාස සහ නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සංවිධානය කළ මෙම රැස්වීමට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජාතික පක්ෂයේ දිස්‍ර්තික් නායකයයෝ ද සහභාගී වූහ.
අගෝස්තු වෙන්න කලින් මුදල් වියදම් කරලා වැඩකටයුතු ආරම්භ කරන්න. කල් දාන්න එපා. එන අවුරුද්දේත් මුදල් දෙන්නම් යැයි ජනාධිපතිවරයා එහිදී කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලබන අවුරුද්දේ ඔයා ගෙදර ඔයාගේ යාලුවෝ වැඩි හරියක් හිරේ...
ඔහොම හිතාගෙන ඉන්න එක තමයි තියන්නේ.... බලන්නකෝ සෝදාගෙන යන හැටි...!
ඔහෙලා... සංවර්ධනය කියන වචනෙත් අවභාවිතා කරපු උදවිය. ඔහෙලාට සංවර්ධනය කියන්නේ හොරකමට හදාගත්තු මාර්ගයක් විතරයි. ලබන අවුරුද්දේ ඔහෙයි. ඔහේගේ හොරු රැලයි ගෙදර තමයි. ඒකට ලෑස්ති වෙලා ඉන්න.
දැන්මම මොලේ කචල් වෙලා වගේ... අංගොඩ කොහේද කියලා පේන්න. සජිත් ආවොත් අනිවාර්යයෙන් කට්ටියට මහඋළු ගෙට යන්න වෙනවා.
විකාර කියවනවා, පිස්සු තදවෙලා !!!
හාමුගේ ඔලුව දැන් හොඳටම අවුල් වේගෙන යන්නේ...!
ලබන අවුරුද්දේ තියෙන්නේ මාලිමාවේ අපේ ආණ්ඩුවක්... ඔයාට තව පෝය 7යි.
සහතික ඇත්ත. මෙතුමා දන්නවා මේරට බත්කන හරක් වැඩි ප්‍රමාණයක් තවමත් ඉන්නා බව... කල් මැරීමේ රහස එයයි.
වයසට ගියාම ඔහොම හීන පේනවා.
මේ ඩීල් ආණ්ඩුව තියනකන් රටට කිසිම සෙතක් නැහැ.
හා, හා හිතට හොරා ඔබ කියන කතා...
තමුන් ඉන්නේ හීන ලෝකයක...
ඒ කියන්නේ මේ අවුරුද්දේ මහමැතිවරණයක් තියලා ජනාධිපතිකම බේරා ගැනීමේ සැලැස්මක් ගැන හිතේ වැඩකරනවා කියන එක නේද?
මට පේන හීන...
පින් ජනපතිට බල තණ්හාව. පොහොට්ටුවේ දූෂිත දේශපාලුවෝ නම් කැමැති ඇති ඉන්නවාට...
ඔව් ඔව් හොඳේ... ඔක්කෝම සංවර්ධන කරලා ඉවර කරන්න. ඔයාට ගෙදර යවන්න බලාගෙන ඉන්නේ අපි... එතකොට ලබන අවුරුද්දේ ආණ්ඩුවට එන අයට පහසුයි...
සංවර්ධනයෙයි, ගමෙයි මතක් වෙන්නේ ඡන්දයක් ළඟ එනකොට විතරයි.
පොහොට්ටු කාරයින්ට ඔය කියන විදිහට ගම්වල කරක් ගහන්න දැන් බැහැ මිනිස්සු බනිනවා, හූ කියනවා, ගල් ගහනවා, දැන් ඒ ගොල්ලන් ගමට යන්නේ STF ගාර්ඩ් එක දමාගෙන, දැන් ටකරම් කැබැල්ලක්, උදලු තලයක් දීලා මිනිස්සු මුලා කරන්න බැහැ. අරගලෙන් පස්සේ මිනිස්සුන්ගේ ඇස් ඇරී ඇත..
ගොඩක් අය ජනාධිපති වුනාම අඳින්න ඇඳුමුත් මහලාලු. ඒත් සැබෑවටම වෙන දේ තමයි මෙතුමා මේ කියන්නේ. ගොඩක් අයට මේ යාතාර්ථය තේරුම් ගන්න මොළේ නැති නිසා බොරුවට උඩ පනිනවා...
ලබන අවුරුද්දෙත් ඉන්නවා කියන්නේ කොහොමද? ජනතාවට කරපු වද හින්සන අමතකද? ඉඩි අමීන් වගේ. ජනතාවගේ හිත දිනාගන්න නෙමේ වැඩකෙරුවේ. හොරා කාලා හිරේ ලගින්න ඕනෑ ඔවුන්ගේ හොඳ හිත දිනා ගත්තා. දැන් හෝ ගාලා බඩු අඩු කරනවා... ගොවියන්ගේ දුක බලනවා. කුඩුකාරයෝ අල්ලනවා. දැන් ගොඩක් පරක්කු වැඩියි. මේ සේරම ඡන්දෙ ගන්න කම් විතරයි. බලය ලැබුණාම නැවත ගැරඬි හැව ඇරලා. නයි පේනේ දා ගන්නවා. ජනතාව රැවටෙන්නේ නැහැ. 77 හිටපු ගොන්නු නෙමේ දැන් ඉන්නේ බුද්ධිමත් තරුණ පිරිසක්. නැවත මැරෙනකම් කිසිම තනතුරක් ලැබෙන්නේ නැහැ රොත්ත පිටින් අත් අඩන්ගුවට. අරන් සියලුම දේපල රාජසන්තකයි. පොලිස් ආරක්ශාවන් නැහැ... තමන් හිසට තම අතමය සෙවනැල්ල...
මෙයා ව්‍යයන්ගයෙන් කියන්නේ ඡන්දෙ තියන්නේ නැහැ කියලා.
ලබන අවුරුද්දේ ආණ්ඩු කරන්න නොවෙයි හිරේ ලගින්න ලැහැස්ති වෙන්න සර්
කොහොමටත් මෙම ආණ්ඩුව තවදුරටත් තබා ගැනීමට ඔබ උත්සාහ කරනවා. මන්ද එහෙම නොවුනොත් හොරැන්ටයි මංකොල්ල කාරයන්ටයි බාර් කසිප්පු ක=ඩු සහ තවත් ධුෂණයන් සමග බලයට පැමිණි පිරිසට අවාසනාවන්ත කාලයක් උදා වෙන්න පුලුවන්. එම නිසා දැනට පවතින සමාජ රාමුව ආරක්ෂා කර ගත හොත් ධූෂිතයින්ට තවදුරටත් ආරක්ෂා විය හැකි බැවින් එය ආරක්ෂා කර දෙන ලෙස ඔබට බැසිල් විසින් කොන්ත%ාත්ත=වක් ලබා දී ඇත. කොහොමත් ඔබ පත් වන්නේ මහජනතාවගේ කැමැත්තෙන් නොව දූෂිත පොහොටියුකාරයන් බව මතක තබා ගන්න. ඔබ පෙනී සිටින්නේ මහජනයා වෙනුවෙන් නොව පක්ෂ යනුවෙන් හ‍්දන්වාගත් දේශපාලන බල කල්ලි ත=නේ තක්කඩියන් වෙනුවෙන් බව පැහැදිළිය.
උඹත් හිරේ බන් උඹට විරුද්ධව තියෙන නඩු ටිකත් මේ අවුරුද්දේම පටන්ගන්නවා
දැන් අනාවැකි කියන්නත් දන්නවා
ඇයි චන්දෙ නොතියන්නද කල්පනාව .එසේ නම් ඔබලා මැරුම් කන්නේ ජනතාවගෙන්
හිතාගෙන ඇති මෙයත් .මෙයාට පුටුවේ ඉන්න උදව් කරන පරම්පරාවේ කට්ටියත් බලයේ ඉන්න .මේ පාර මේ සෙට් දෙකට තුනටම .හොඳ පාඩමක් කියලා දීලා තුන් වරිගයම ගෙදර යවන්න ඕන.අවුරුදු ගානක් තට්ටු මාරු ක්‍රමයට බලයේ ඉඳලා රට නැත්තටම නැති කරා .කාලකන්නි