(අංජුල මහික වීරරත්න)

ලබන වසර සඳහා රුපියල් බිලියන 2000 ක මුදලක් ප්‍රාග්ධන වියදම් ලෙස වෙන් කිරීමට රජය අදහස් කරන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මේ වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රජය රුපියල් බිලියන 1350 ක් පමණ යොදවා තිබෙන බවද අමාත්‍යවරයා කීය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කළුතර දිස්ත්‍රික්කයේ ග්‍රාමීය සහ ප්‍රාදේශීය මාර්ග සංවර්ධනය සඳහා ක්‍රියාත්මක ප්‍රධානතම රාජ්‍ය සංවර්ධන වැඩසටහනක් වන දෙවන ඒ්කාබද්ධ මාර්ග ආයෝජන වැඩසටහන iRoad (Integrated Road Investment Program) යටතේ කළුතර දිස්ත්‍රික්කයේ මාර්ග 14 ක් කාපට් යොදා සංවර්ධනය කිරීමේ සමාරම්භක උත්සවයේදීය.

ජනතාව ගෙවන බදු නිසියාකාරව එකතු කර ගනිමින්, බදු ගෙවීම සරළ සහ පහසු කරමින් අවශ්‍ය තැන් වලින් බදු අය කරගන්නා බව කී අමාත්‍යවරයා එම බදු මුදල් සැලසුම් සහගතව ජනතාවගේ සුභසාධනය සඳහා පමණක්ම යොදවන බවද සියලු බදු මුදල් වෙනුවෙන් රජය වග වන බව ද පැවසීය.