(අංජුල මහික වීරරත්න)
රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යූහගත කිරීමෙන් කාර්යක්ෂම හා ඵලදායි සේවාවක් සලසාගත හැකි බව ජනාධිපති වෘත්තිය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා පැවසීය.
ලෝකයේ දියුණු රටවල් අධ්‍යනය කිරීමේදී රාජ්‍ය ව්‍යාපාර සිදු කරන රටවල් පසුගාමී ආර්ථිකයක පසුවන බවත් රජය ව්‍යාපාර නොකරන රටවල් සංවර්ධනය වී ඇති බවත් රත්නප්‍රිය මහතා කීය.
ජනාධිපති වෘත්තීය සමිති අධ්‍යක්ෂ ජනරල් සමන් රත්නප්‍රිය මහතා මේ බව කීවෙි ‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීම‘ මැයෙන් මුදල් අමාත්‍යාංශයේපැවැති විද්වත් සම්මන්ත්‍රණයට එක්වෙමිනි.
රට ආර්ථික වශයෙන් ඉතා අසීරු තත්ත්වයක පවතින අවධියක රටේ ආර්ථිකයට උසුලා ගත නොහැකි බරක් වන පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් සම්බන්ධයෙන් කළ යුතු දෑ පිළිබඳ වෘත්තීය සමිති නායකයින්, සිවිල් සංවිධාන ක්‍රියාධරයන්, මාධ්‍යවේදීන් ඇතුළු වැඩබිමේ ජනතාව දැනුවත් කිරීම සඳහා මෙම සම්මන්ත්‍රණය සංවිධාන කර තිබිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ ඇටෙන්ඩන්ලා දන්න දේවල්
ඔක්කොටම ඉස්සෙල්ලා මේ වගේ ජනතා මුදලින් යැපෙන වැඩකට නැති එවුන්ව ගෙදර යවන්න ඕන
තනතුර රැකගන්න මොනවා හරි බොරු කියලා නායකයාව සතුටු කරන්න පුළුවන් .නමුත් ජනතාව රවටන එක බොරු
කවුද අනේ සමන් කියන දේවල් අහන්නේ .කිසිම ජනපදනමක් නැති පක්ෂයක කෙනෙක් නේ
ඒ විතරක් මදි. ගජමිතුරන්ට වාසි නොවන පරිදි බදු අයකිරීමත් කාර්ය්‍යක්ෂම විය යුතුය. අපට ආරංචි විධියට ආදායම්බදු දෙපාර්තමේන්තුව හොර ගුහාවක්. කවුරුත් ඒ ගැන සොයා නොබලන්නේ කාටකාටත් උවමනා දේ කරගැනීමට පහසු වීම සදහා බව පැහැදිලියි. අන්තිමට තැලෙන්නේ පොඩි මිනිහා නේද?
‘නව සංවර්ධන ප්‍රවේශයක් සඳහා පාර්ලිමේන්තුව සහ අමාත්‍ය මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කළ යුතුමයි. ඒ සඳහා ජනාධිපතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය තියන්න.
උණු වතුර බෝතලේ
රජය සතු හොර ගුහාවල් නම් සුද්ධ කරගන්න ඕන තමයි. හැබැයි මේ ගොටු මාමා වගේ අයත් එක්කම. මෙයාගෙත් හැඩ බලන්න තිබුණා වෙනත් ආණ්ඩුවක් තිබ්බා නම්. සියලුම වෘත්තිය සමිති කාරයෝ කියන්නෙ මේ වගේ තමන්ගේ වාසියට රටට හානි කරන පිළිල තමයි.
පිරිමි හෙදිය මොනාවද මේ කියන්නේ .පිනාපති ඉන්නකම් ඔය මොනවා හරි කියවකියව ඉන්නවා නේ
ගාල්ලේ ඉස්පිරිතාලේ ලෙඩෙක්ගෙන් හොරා ගත්ත උණු වතුර බෝතලය දීලා හිටපන් රට අහන්න කලින්
කතාව හරි කියලා තියෙන්නේ හොරෙක්
අනිවාර්යයෙන්ම ,ලංකා බැංකුව ,මහජන බැංකුව ,විදුලිබල මණ්ඩලය ,දුම්රිය සේවය ,ප්‍රාදේශීය සහ දිස්ත්‍රික් ලේකම් කාර්යාල,රෝහල්
මේ වටුවට පිස්සු
ඔන්න ඕක තමයි මේ රටට වෙලා තියෙන හේනේ. තමන් ඉගෙනගත්ත රස්සාව පැත්තක තියෙද්දී තමන්ගේ පුද්ගලික වාසි ලබාගන්න දෙසපාලනයෙන් ඇවිල්ලා හැම දේම දන්නවා කියලා පෙන්නගෙන රට වල පල්ලට දක්කනවා. මේ කිනිතුල්ලෝ තමයි ලක් මාතාවගේ ලේ ටික බොන්නේ.
මේ ඇටෙන්ඩන්ට් කැමති ඇති සෞඛ්‍ය පුද්ගලිකකරණයට. මෙයත් ප්‍රයිවෙට් හොස්පිටල් එකක් දමාවි. දැන් මෙයා ප්‍රෙකෝටිපතියෙක්. වෘත්තිය සමිති නායකයො නියෙමෙට වෘත්තිකයන් රකිනව. මුන්ට හෙන නොගහ තියේද?
පළමුවෙන්ම කළයුත්තේ රජයේ සේවයේ යෙදෙන ගමන් දේශපාලනයේ යෙදෙන එවුන් හිටෝපස් ගැහීමයි. එහෙම දේශපාලන කරන්න බැහැ කියලා නීති තිබුණත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නර්ස් නම් නර්ස් වැඩේ කරන්න.