(සුජිත් හේවාජුලිගේ )
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නියමිත දිනයට ඉල්ලා අස්වීමේ ලිපිය බාර නොදීම නිසා පාර්ලිමේන්තුවෙන් අභිනව ජනාධිපතිවරයා පත් කිරීමද තවදුරටත් කල් යනු ඇත.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකවරයාට පෙරේදා (13) බාරදීමට නියමිතව තිබුණත් එය එදින සිදු නොවීය.
එදින බාර දෙනු ලැබුවේ නම් පාර්ලිමේන්තුව අද (15)දිනයේ රැස්වී අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීම සඳහා නාමයෝජනා කැඳවීමේ කටයුතු ආරම්භ කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කලින් තීරණය කර තිබිණ.
එහෙත් ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය බාර දීම ප්‍රමාදවීම නිසා අභිනව ජනාධිපතිවරයා පත්කර ගැනීමේ කටයුතු සඳහා පාර්ලිමේන්තුව අද දින රැස්වීමටද නොහැකි වනු ඇත.
එසේම අභිනව ජනාධිපති ධූරය සඳහා නාම යෝජනා කැඳවීමද කල් යනු ඇත.
පාර්ලිමේන්තුව විසුරුවා හැර නොමැති අවස්ථාවක ජනාධිපතිධූරයේ පුරප්පාඩුවක් ඇතිවූ විට ඒ පුරප්පාඩුව ඇතිවී දින තුනක් ඇතුළත පාර්ලිමේන්තුව කැඳවීමක් සේ සලකා ක්‍රියාත්මක විය යුතු බව 1981 අංක 2 දරණ ජනාධිපතිවරයා තෝරාපත් කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ සඳහන්වේ.
ඉන්පසු ඒ පාර්ලිමේන්තු රැස්වීම සඳහා නියමිත දිනය සහ වේලාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දැනුම් දෙනු ලැබිය යුතුය.
පාර්ලිමේන්තුව එසේ රැස්වූ විට ජනාධිපති ධූරයේ පුරප්පාඩුවක් ඇති වී තිබෙන බව මහලේකම්වරයා විසින් පාර්ලිමේන්තුවට මුලින්ම දැනුම් දෙනු ලැබිය යුතු වෙයි.
ඒ රැස්වීම් දිනයේ සිට පැය 48කට කලින් නොවන්නාවූ සහ දින 7කට පසු නොවන්නාවූ දිනයක නාම යෝජනා බාර ගනු ලබන දිනයක් සහ වේලාවක්ද එහිදී ප්‍රකාශ කළ යුතුය.
නාම යෝජනා බාර ගැනීම සඳහා නියම කරනු ලැබූ දිනයේ දී පාර්ලිමේන්තුව රැස් විය යුතු වන අතර පාර්ලිමේන්තු මහ ලේකම්වරයා තේරීම් බාර නිලධාරි වශයෙන් ක්‍රියා කළ යුතු බව එම පනත් කෙටුම්පතේ සඳහන් වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය නායකයකු රට බාර ගන්නවිට හා රට නැවත බාර දීමේදී ලිපිය "සූම්" තාක්‍ෂණයෙන් හෝ තැපෑලෙන් ලියුම එවලා රට බාර දිය නොහැක... එවැනි වගකීම් පත්‍රයක් අත්සන් කරන විට රාජ්‍ය නායකයක ලේකම්තුමා හා ජනාධිපති නීතීඥතුමා ඉදිරිපිට එය අත්සන් කල යුතුය...! මෙයින් අවබෝධ වන්නේ කුමක්දැයි ඔබට තේරෙන්න ඕනි...! එනම් පුටුව මාරුකර නැත..!
අස්වීම රිවර්ස් කරයිද මන්දා..? හැබැයි නන්දසේනට ආපහු ලංකාවේ පැත්ත පළාතකට එන්න ලැබෙන්නේ නැහැ...
මහින්ද සහ බැසිල් වෙන්නනම් තවමත් ලංකාවේ සිටියදී ගෝඨාභය මේ ලෝකය වටේ යමින්, බොරු පුවත් මවමින් කරන්නේ ජනතාව නොමග යවා තවම තවත් කල්ගැනීමේ යටිකූට්ටු සෙල්ලමකි.
මෙලොවදීම කළ දේ ඵලදී ඇති බව පේනවා. නියම වගකිව යුත්තා මහින්ද. දෙවැන්නා බැසිල්... ඉන්පසුව පවුලේ අනිත් සියලු සාමාජික රෑන...!