(සුජිත් හේවාජුලිගේ )
බදු ලිපිගොනු විවෘත කළ පලියට සියලු දෙනා බදු ගෙවිය යුතු නැතැයි සභානායක අධ්‍යාපන ආචාර්ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.
බදු ගෙවිය යුතු පිරිසක් බදු ගෙවීම දිගින් දිගටම පැහැර හරිමින් සිටින්නේ යැයිද ඔහු කීවේය.
අමාත්‍යවරයා මෙසේද සඳහන් කළේය
"ලංකාවේ බදු ගෙවන්නේ බදු ගෙවන්න ඕනි අයගෙන් බොහොම සුළු පිරිසක්. ලිපිගොනු ඇරියා කියලා ඔක්කොම බදු ගෙවන්න ඕනි නෑ. හැබැයි ලිපිගොනුව ඇරියාම අපි දන්නවා කොච්චරක්ද මේ නෙට් එකේ ඉන්නේ කියලා. එහෙම නැත්තං වෙන්නේ බදු ගෙවිය යුතු පිරිස් බදු ගෙවන එක පැහැර හරින ඒකයි. රජ කාලේ ඉඳලම රටේ බදුවලින් එන ආදායමෙන් තමයි සුබසාධක වැඩසටහන් ක්‍රියාත්මක කරන්නෙ."
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉස්සෙල්ලාම ඔය උත්තරීතර යැයි කියාගන්නා උදවිය බදු ගෙවන්නකෝ... එතකොට ආදායම උපයාගත්තු හැටි කියන්න පුළුවන් වේවි නේද? ඊට පස්සේ සියලු රට වැසියෝ ආදායම පෙන්වාවි... බදු ගෙවාවි...
තවත් සුදු අලියෙකුගේ වැඩක් පටන් ගන්න වගේ හදන්නේ. කෝප් කමිටුවේ හෙලිදරව්වෙන් පෙනී යන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තිබෙන්නේ බදු බිලියන ගණන් එකතු කරන්න බැරුව දඟලන නිලධාරීන්ට තවත් ලිපි ගොනු මිලියන ගණන් එකතු වුණොත් කොහොමට තියෙයිද? නිකං ලිපි ද්‍රව්‍ය නාස්තියක් පමණයි වෙන්නේ...!
කියන්නේ ඔහොම තමයි, ඒත් පොහොට්ටු හෝ එහි සිටි පිරිස් එකතුවෙලා හදපු පක්ෂ හෝ සංධාන ආණ්ඩුවක් ආවොත් දේශපාලන පළිගැනීම් හැටියට අනෙක් පක්ෂවල සියලු දෙනාගෙන්ම බදු ගනීවි... ඒ කණ්ඩායමේ ප්‍රබලයෙක් ඔහුට සහාය දුන් ව්‍යාපාරිකයෙකුට කෝටි ගණනක් බදු නියම කළාම ඒක වෙනස්කර බද්දෙන් නිදහස් කළා. මෙතෙක් කාලයක් ඔවුන්ගේ පාලනය දුටු අපිට නැගෙනහිර පැත්තෙන් ඉර පායනවා වගේම විපක්ෂයේ සාමාජිකයින් මර්දනයට ඔය ලිපිගොනු යොදාගන්න පුළුවන්...!
සුභ සාධනය මන්ත්‍රීලට සහ නිකමුන්ට නොවේද?.මහන්සිවී වැඩ කරන පෞද්ගලික අංශයට සහ වෘත්තිකයන්ට වධදී ගන්න බදුවලින් සමෘද්ධිය වැනි පින්පඩි දී ගම්වල ජනතාව නිකමුන් කිරීම නවත්තන්න. අනික මෙගා රාජ්‍ය සේවයට පින්පඩි ගෙවීම.....
ඉස්සරලම ඔය 225 හරියට බදු ගෙවල අනික් අයට ආදර්ශයක් දෙන්නකො. රැකියාවක් ව්‍යාපාරයක් නොකර ඔයාල ධනය හොයාගන්න ආආකාරයත් කියක්නකො. ඊටත් වැඩිය හොදයි ඔය මහල්ලොා සෙට්එකම ගෙදර ගියා නම්.
බදු ගෙවන්නේ නැත්තේ ඇයි? විනිසුරෝ බදු ගෙවන්නේ නැත්තේ ඇයි? ඔබලාට බදු නැති වාහන දෙන්නේ ඇයි? හැම අවුරුදු 5කට වරක්ම ඔබලාට බදු නැති වාහන/පෙන්ෂන් දෙන්න අපි බදු ගෙවන්න ඕනේද? වෙන රටවල රාජ්‍ය සේවකයින් සංඛ්‍යාව රටේ ජනගහනයෙන් 2%ක්, අපේ 15%. ඉන්දියාවේ ඇමැති මණ්ඩලේ 30ක් ඉද්දී අපේ 90 ගණන් වලට නැග්ගා, මොන රෙද්දකටද? නුඹලාට අපි ගෙවන බදු එහෙම කන්න දෙන්න බැහැ. හදියවූ නැතිනම් හැඳි ගෑවිලා යන්න. අපි බදු ගෙවන්නේ රටේ දියුණුවට මිසක් හොරාකෑමට, විනාශ කිරීම් වලට නොවේ...
සුසිල් , අපි බදු සල්ලි වලින් ජීවත් වන ලොකුම පවුල තෝරමුද ?
225 හැර ඔක්කොම බදු ගෙවන්න ඕන .ඒකයි මේ යකා කියන්නේ
හරි හරි දැන් නේ මට තේරුනේ මේ කියන්නේ මොනවද කියලා. ඔක්කොම බදු ගෙවන්න ඕනෑ නැහැ. බදු ගෙවන්න ඕනෑ දුප්පත් අපි විතරයි. ඔය රජ පවුලේ නාමල්ලා, යෝශිතලා, රෝහිතලා, ඒ ගොල්ලෝ ගෙවන්න ඕනෑ නැහැ කියන එකනේ ඔය කියන්නේ...!
බදු ෆයිල් ඇරියාට සියළුම දෙනා බදු ගෙවිය යුතු නැහැ. නමුත් අපි මුදල් වියදම් කළ ආකාරය සටහන් කළාම, දොස්තරට මෙපමණ මුදලක් ගෙව්වා, ලෝයර්ට මෙපමණ මුදලක් ගෙව්වා කියලා සඳහන් කරන්න. පුද්ගයින් 10-15 දෙනෙක් x y කියන පුද්ගලයින්ට ගෙවූ මුදල් පෙන්නුවාම x හා y ට බදු නොගෙවා බේරෙන්න බැරිවෙනවා. ඒ ක්‍රමයට අපේ බදුගෙවීම් අල්ලන්න ක්‍රම හදන්න ඕනේ. කැනඩාවේ බදු නොගෙවා බේරෙන්න බැහැ.