
(අජන්ත කුමාර අගලකඩ)
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ හිතවතකු බවට මෑතකදී පත්ව සිටින නිමල් ලන්සා මන්ත්‍රීවරයා සහ පොහොට්ටුවේ ප්‍රබලයන් අතර ගැටුම මේ වන විට පොහොට්ටුවේ දේශපාලන අර්බුදයක් බවට කල එළි බැස ඇතැයි වාර්තා වේ.
නිමල් ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින පිරිසක් සහ තවමත් පොහොට්ටුවේ සිටින පිරිසක් සම්බන්ධ කර ගනිමින් නව දේශපාලන සන්ධානයක් පිහිටුවීමට මේ වන විට සැලසුම් කරමින් සිටීම මෙම අර්බුදයට හේතු වී ඇතැයි දැනගන්නට ඇත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා ගිය සතියේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද හමුවී මේ සම්බන්ධයෙන් පැමිණිලි කර ඇතැයි ද දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.
ලන්සා මන්ත්‍රීවරයා පොහොට්ටුවේ පිරිසක් සම්බන්ධ කරගනිමින් මෙලෙස කටයුතු කිරීම පක්ෂයේ කටයුතුවලට ගැටලුවක් වී ඇතැයි ද බැසිල් රාජපක්ෂ මහතාගේ එහිදී පවසා ඇතැයි ද වාර්තා වේ .
නිමල් ලංසා මන්ත්‍රීවරයා පොහොට්ටුවෙන් ඉවත්ව සිටින අනුර ප්‍රියදර්ශන යාපා , ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න ,ප්‍රියංකර ජයරත්න, සුසිල් ප්‍රේම ජයන්ත යන මැති ඇමතිවරුන් මෙන්ම,ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ආණ්ඩුවට එක්ව සිටින පිරිසක් ද,එකතු කර ගනිමින් මෙම නව සන්ධානය ගොඩනැගීමට කටයුතු කරමින් සිටින අතර,පොහොට්ටුවෙන් තවත් පිරිස් ගැනීමටද සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ,නිමල් ලන්සා මහතා ජනාධිපතිවරයාගේ විශේෂ ව්‍යාපෘති භාරව කටයුතු කරන අතර,ඔහුට ජනාධිපති කාර්යාලයෙන් කාර්යාලයක් හා කාර්ය මණ්ඩලයක්ද ලබාදී ඇතැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරුත් හදන්නේ මොන වෙට්ටුව හරි දාලා බලේට ඇවිත් කාගෙන කාගෙන යන්න. ඒක තමයි වත්මන් දේශපාලකයාගේ ඒකායන අරමුණ...
මොන දඟර නැටුම් නැටුවත් ඡන්දෙට එන්න එපැයි... වරෙල්ලා දෙන්නම් කවුරු කොහොම ආවත් අමතක නොවෙන්න. හැංගි හැංගි වෙස් බැන්දත් එළියේ නටන්න එපැයි...
මෙවර රට කාබාසිනියා කළ අයට උත්තර දෙන්නට සැවොම හිතට ගමු. ආයේ වසර පහක් බලන් ඉන්න එපා. ඉඳීද දන්නේ නෑනේ...
කුඩු ලන්සා ගිය උඩ. ඔය කවුරු කවුරුත් දඟලන්නේ වතුර රත් වෙනකම් තමයි. දූෂිත දේශපාලුවන් තුරන් වූ දාට රටට යහපතක් වෙයි...
මේ තමයි තිත්තයාගෙ වාරේ. සුද්දම වෙන්න දෙමු. ලන්සා බන්සා අපිට වැඩක් නෑ. ඔවුන් ඔක්කෝම එකයි. කොටින්ම කියනව නං මහින්ද රනිල් කියන්නෙ එකම කාසියෙ දෙපැත්ත.
රාජිත වර්ෂන් 2
මේවා ජවනිකා... ඕවට අහුවෙන්න එපා... මොවුන් ඔක්කොම එකගොඩේ ඉන්න තමුන්ගේ වාසියට ජනතාව රවටන අපතයින්...
ඔය කියන හැම කෙනෙක්ම රටට වින කරනවා මිසක් යහපතක් නැහැ...
ඕකට හේතුව මම හොඳින්ම දන්නවා. මොන ජනාධිපති පත්වුණත් මෙයා ඊට වැඩ කරන්න ඕනෑ. උදව් ආධාර කරන්න ඕනෑ. මෙයාට එළියට වෙලා තම ව්‍යාපාර ආරක්ෂිතව කරගෙන යන්න ඕනෑ නම් එසේ කළයුතුමයි. නැතිනම් මෙයට පැවැත්මක් නැහැ. ඇතුලේ තමයි ඉන්න වෙන්නේ. අපි කවුරුවත් දන්නවා මෙයා මොනවද කරන්නේ කියලා.... ඕක මෙක්සිකෝවේ වෙනවා.
අපිට මේ මුලු හැත්තම ගැටලුවක්...!
මේ රටේ ජනතාව රවට්ටපු හැම දේශපාලනඥයාට ම ශාප වේවා ! මුළු රාජපක්ෂ පවුලටම හෙණ හතම වැදියන්... දෙවියන්ගේ ශාපය අත්වේවා...! බලු රාජපක්ෂ පවුලට කඩේයන වල් වහල් බයියන්ටත් හෙණ හතම වැදියන්, ශාප වේවා...!