
( හිරාන් ප්‍රියංකර ජයසිංහ)
මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය එක්ව සිදුකල වැටලිම් වලදි අත් අඩංගුට ගැනුන පොලිතින් වලින් නිශ්පාදිත ආහාර දවටන (ලන්ච් ෂීට්) කිලෝ 5377 ක් අධිකරණ නියෝගයෙන් පුත්තලම සිමේන්ති නිශ්පාදන කර්මාන්ත ශාලාවේ අධි දහන උදුනට දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.
ජාතික පාරිසරික පනත යටතේ තහනම් මෙම ආහාර දවටන කිලෝ 5377 ප්‍රමානය කොළඹ,කැස්බෑව,ගම්පහ,කඩුවෙල, කුරුණෑගල ප්‍රදේශ වලදි මධ්‍යම පරිසර අධිකාරිය හා පාරිභෝගික කටයුතු අධිකාරිය ආරක්ෂක අංශ වල සහාය ලබා ගනිමින් අත් අඩංගුවට ගෙන තිබු බව කියයි.
මෙසේ අත් අඩංගුවට ගත් ආහාර දවටන තොගයෙ දල වටිනාකම රුපියල් ලක්ෂ 30 කට ආසන්න බව වැටලීමට එක්වු නිළධාරීන් පවසති.
අදාල ආහාර දවටන සදහා වැටලිම් කල අදාල කලාප අයත් අධිකරණ සිමා වල නඩු 12 ක් පැවරීම සිදුකර එම අධිකරණ තින්දු මත මෙසේ පුත්තලම සිමේන්ති සමාගම් භුමියට රැගෙන ඒමෙන් පසු කපා කුඩා කැබලි කර ඉන්පසු අධි දහන උදුනේ දමා විනාශ කිරීමට කටයුතු කෙරුණී.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උදුනට දමා දහනය කරන විට සිදුවන පරිසර හානිය ගැන නොදැනද?
බලන්න දෝරේ ගලන බුද්ධිය .. පරිසරය රකින්න නේ .. ගිනි තබා විනාශ කලේ.. අර කොරෝනා කාලේ පණ බේරන්න වෙඩි තිබ්බා වගේ
හොඳ වැඩක්. ඉතින් කිලෝ ගනනින් අල්ලන මත් ද්‍රව්‍ය ඔහොම විනාශ නොකරන්නේ ඇයි . ඒව පාන් පිටි වෙන්න ඇරල බලන් ඉන්නෙ .
මුං වගේ ගොං හරක්, ඕක ප්‍රතිචක්‍රිකරනය කලානම් කීයක් හරි හොයාගන්නව නේද?
ප්‍රතිචක්‍රීකරණය කරන්න ඕනේ මොකක්ද .මේ බූරුවාගේ වැඩ