
(සුරංග රාජනායක)
රුපියල් කෝටි හතහමාරක ලොතරැයි දිනුම ඇදුණු යි පැවසෙන අකුරණ ප්‍රදේශයේ පුද්ගලයකු පැහැරගෙන විත් දින දහයක් පුරා පහරදෙමින් ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ නිවාස දෙකක වරින්වර සිර කර සිටියදී ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් පිරිසක් හා ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් පැමිණ එම පුද්ගලයා මුදාගෙන ඊට සම්බන්ධ කල්ලියේ සිව් දෙනකු අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ පැහැරගෙන සිරකර සිට ඇත්තේ මහනුවර අකුරණ ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් හසීම් නැමති පුද්ගලයෙකි.
මොහු සිරකරගෙන සිටියැයි පැවසෙන ලී මෝල් හිමියකු ඇතුළු සිව් දෙනකු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
ගම්පොළ රත්මල්කඩුව ප්‍රදේශයේ පුද්ගලයකු සිරකරගෙන සිටිනවා යයි විශේෂ කාර්යය බලකා බුද්ධි අංශ වෙත ලද තොරතුරකට අනුව ගම්පොල විශේෂ කාර්ය බළකා නිලධාරීන් එම ස්ථානයට ගොස් සිද්ධිය තහවුරු කර ගැනීමෙන් පසු ඒ පිළිබඳ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.
ඒ අනුව ගම්පොල කොට්ඨාස අපරාධ විමර්ශන අංශ නිලධාරීන් ද එම ස්ථානයට පැමිණ මෙම පුද්ගලයා මෙසේ මුදා ගෙන තිබුණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යකෝ දැන් රටේ තත්වේ හැටියට ලොතරය්යක් වැටුනානම් එකත් අරන් ගෙවල් දොරවල් විකුණලා කොහෙට්ට හරි පලයල්ලා. නොදන්නා පළාතකට . රුපියල් සීයට ත් මිනී මරණ කාලේ.... ආසියාවේ අස්චර්‍ය තමයි මේ දැන් අපි භුක්ති විඳින්නේ. හොඳයි නේද.