(නිමල කොඩිතුවක්කු)
තම ගැටළුවලට විසඳුම් නොලැබුණහොත් ඉදිරි සතිය ඇතුලත ලොතරැයි අලෙවි කටයුතු වලින් ඉවත් වන බව ලොතරැයි අලෙවි නියෝජිතයන්ගේ සංගමයේ සභාපති ක්‍රිශාන් මාරඹගේ මහතා පැවසීය.
රටේ පවතින ඉන්ධන අර්බුදය ඇතුළු ගැටළු හේතුවෙන් ලොතරැයි අලෙවි නියෝජිතයන් 4800ක් ඇතුළු ලොතරැයි අලෙවි කරුවන් 36000 කගේ පමණ රැකියා අවදානමකට ලක්ව ඇතැයි මාරඹගේ මහතා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුළු බලධාරීන් දැනුවත් කළත් කිසිදු විසඳුමක් නො ලැබී ඇති බවත් ඔහු පැවසීය.
ලොතරයි අලෙවියෙන් දෛනිකව රජයට රුපියල් කෝටි එකහමාරක අධික ලාභයක් උපයා දෙන බවද මාරඹේ මහතා කීවේය.
ජනාධිපති අරමුදල, මහපොළ ශිෂ්‍යත්ව ආදී සමාජ සත්කාරක වැඩසටහන් සඳහා එම මුදල් යොදවන බවද ඔහු පැවසීය.
ලොතරැයි අලෙවි කරුවන් සඳහා සහන ක්‍රියාවලියක් ආරම්භ නොකළ හොත් ලබන සතියේ සිට ලොතරැයි අලෙවි කිරීමේ කටයුතු වලින් ඉවත් වන බවත් ඔහු වැඩිදුරටත් කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද දන්නේ නැහැ... ඕනෙ සහනේ..?
මේකත් දුප්පත් මිනිස්සු සූරාකන ජාවාරමක්.. ලොතරැයි ගන්න ඒවා එකතු කරලා දරුවෙකුට පොතක් අරන්දෙමු...
ඉවත්වෙන්න. කිසිම ඵලදායිතාවයක් සමාජයට නොදෙන ව්‍යාපාර... දැන් මහපොළ ගැන කියයි. ඊට වඩා මේකෙන් ගසාකාලා ඇති...!