
(අංජුල මහික වීරරත්න)
පසම් සහ ලතෝනි ගායනා ලෝක උරුමයක් බවට පත් කරන කරන බව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා පැවසීය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ කිතුණු ගායනා ශෛලියන් වන පසම් සහ ලතෝනි ගායනා 60ක් ඇතුළත් ග්‍රන්ථයක් එළිදැක්වීම හා ඒවා අන්තර්ජාලය වෙත මුදා හැරීමේ මග්ගොන කල්වාරිය සිද්ධස්ථානයේ පැවති උත්සවයට සහභාගී වෙමිනි.
එසේම පසම් හා ලතෝනි ගායනා ක්‍රිස්තියානි දහම් පාසල් විෂයය නිර්දේශයට එකතු කර ඉදිරි පරම්පරාව වෙත පවරාදීමට ද කටයුතු කරන බවද අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.
පසම් සංරක්ෂණ කමිටුවේ අනුශාසක ලාල් පුශ්පදේව ප්‍රනාන්දු පියතුමාගේ අධීක්ෂණය යටතේ ක්‍රිස්තියානි ආගමික කටයුතු දෙපාර්තමේන්තුව විසින් පසම් සහ ලතෝනි ගායනා සංරක්ෂණ කටයුතු සිදුකෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම කාලේදී මේක කලේ. මුළු රටේම ජනතාව ලතෝනි දිදී ඉන්නේ. දරුවෝ අම්මලා සෞදි ගිය නිසා ලතෝනි දෙනවා. පවුල් පිටින් කන්න නැතුව ලතෝනි දෙනවා. දේශපාලකයෝ පණබයේ ලතෝනි දෙනවා.. ඡන්දෙ එයි කියලා බයට... මිනිස්සු පණ බයේ ලතෝනි දෙනවා... පාරට ගියොත් වෙඩි කන්න වෙන නිසා. පාරේ යන මිනිස්සු ලතෝනි දෙනවා. ප්‍රයිවට් බස් කාරයෝ කොයි වේලේ යට කරලා දායිද කියලා. තව ලතෝනියක් ඇහෙනවා බුදුන් වහන්සේ ලංකාවේ උපන්නා / නෑ කියලා, දෙගොල්ලක් ලතෝනි දෙනවා. රස්සා නෑ කියලා තරුණයෝ ලතෝනි දෙනවා. ඩොලර් රේට් එක වැටිලා පිටරට ගිය මිනිස්සු ලතෝනි දෙනවා, ඩොලර් එවන්නේ නෑ. කම්හල් දහස් ගාණක කඩා වැටිලා කියලා බිස්නස් කාරයෝ ලතෝනි දෙනවා. ඉන්කම් ටැක්ස් එකෙන් ලතෝනි දෙනවා, බදු ගෙවපල්ලා කියලා ටාගට් කවර් කරන්න. TV මුදලාලිලා ලතෝනි දෙනවා, අපි තමයි.. එක කියලා. ඉස්පිරිතාලේ ඇතුලෙත්/ පිටත් එකම ලතෝනියක්... මුළු රටම එකම ලතෝනියක්. හැබැයි මීක් නැති ටික දෙනෙක් ඉන්නවා. ඒ තමයි උපාධි පිට උපාධි තියෙන උගත්තු. තව පරම්පරා ගානකට හොරා කාපු අය. කොමිස් කාක්කෝ කවුරුවත් හූ ම්ම් නෑ...