(ඇල්ල ප්‍රසාද් රුක්මල් )
වර්ෂාවත් සමඟ නාය යාමේ අවදානමක් හේතුවෙන් ලුණුගල හොප්ටන් වත්ත පරණ කර්මාන්ත ශාලා බී කොටසේ පදිංචි පවුල් 110ක සාමාජිකයන් 300ක් පමණ අද (31) රාත්‍රි මීට සුළු මොහොතකට පෙර ඉවත් කර ආරක්ෂිත ස්ථාන කරා යොමු කල බව ලුණුගල පොලිසිය පවසයි .
එම ඉවත් කළ පිරිස ලුණුගල හොප්ටන් 19 කනුව විග්නේෂ්වරන් දෙමළ විදුහලේ තාවකාලිකව නතර කර ඇති අතර , තවමත් එම පිරිස නිවෙස්වලින් ඉවත් වී පතිත වන ධාරානිපාත වර්ෂාවද නොතකා ආරක්ෂිත ස්ථාන ය කරා පැමිණෙමින් සිටින බවත් පොලිසිය සදහන් කළේය .
මොවුන්ට අවශ්‍ය පහසුකම් ආහාර පාන ලබා දීමට කටයුතු සූදානම් කර ඇතැයි උසස් නිළධාරියකු පැවසීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd