
(දිනේෂ් උපේන්ද්‍ර)
අවුරුදු අටක,පහක සහ 3 ළදරුවන් තිදෙනකු නිවසෙහි තනිකර බාරයක් ඔප්පුදීමට ශ්‍රීපාදයට ගිය බව කියන මව්පිය යුවළක් අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.
එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දීගල්ල එලතලව ප්‍රදේශයේ මා පිය යුවලකි.
119 පොලිස් හදිසි ඇමතුම් සේවයට ලද තොරතුරකට අනුව වහා එම නිවසට ගොස් තිබූ පොලිසියට දොරගුලු දමා තිබූ නිවසේ උණ රෝගයෙන් පෙළෙමින් සිටි බව කියන එම ළදරුවන් සොයාගන තිබිණ.
දරුවන් තිදෙනා එහිදී කඩිනමින් රෝහල් ගතකිරීමට පොලිසිය පියවරගෙන තිබිණි. පාන් බිස්කට් වර්ග ආදිය කෑමට නිවසේ තැන්පත් කර එම යුවල තවත් පිරිසක් සමගින් වන්දනාවේ ගොස් තිබී ඇත.
වන්දනාගමන නිමවී පැමිණි වහාම මාපියන් අත්අඩංගුවට ගෙන තිබූ අතර රෝහල් ගතව දැඩි සාංකාවෙන් පසුවන දරුවන්ගේ ආරක්‍ෂාව වෙනුවෙන් දරුවන්ගේ මව රඳවා ඇති බව රෝහල් ආරංචි කියයි.
එමෙන්ම රෝහල් ප්‍රකාශකයෙක් වැඩිදුර පැවසුවේ දරුවන්ගේ තත්වය බරපතල නොවන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවන් මෝඩයින් සිටින රටක ජෙප්පන් බිහිවීම පුදුම නැත.
අප මොනතරම් පාරම් බෑවත් අපේ රටේ මිනිස්සුන්ගේ තත්වය මේක තමා. මොළ වල තරම හොඳටම තේරෙනවා, අවුරුදු 3, 5 සහ 8 ක දරුවන් පාන් බිස්කට් තියලා තනිකර යාම තුලම. මොන දෙමව්පියන්ද මේ අය.
සමන් දෙවියන් යුක්තිය අයුක්තිය ගැන බලන සැම විටම සාධාරණත්වය වෙනුවෙන් පිහිටවෙන දෙවියන් කෙනෙක් තමයි උන්වහන්සේ අසරණව සිටි දරුවො ගැන බලා තියෙනවා කියන්න පුළුවන්
රටම අහේනියෙන් ලෙඩ වෙලා ඉද්දී පලස්තීන ප්‍රශ්නේ විසඳගන්න ගියා වගේ යන්න ඇති
තමා බිහි නොකළ දරුවෙක් දරුකමට හදාගැනීමට ඉල්ලුම් කළ විට සම්පූර්‍ණ කළ යුතු සුදුසුකම් පෙලක් තිබේ. නමුත් අවාසනාවකට, විවාහවී දරුවන් ජාතක කිරීමට බලාපොරොත්තු වන අයට එවැනි යෝග්‍යතා පරීක්ෂණයක් නොමැත.