(යොහාන් භාසුර)
ලිට්‍රෝ සමාගම ගෘහස්ථ ගෑස් සිලින්ඩර හෙට (16) දිනයේ ද බෙදානොහරින බව ලිට්‍රෝ ගෑස් සමාගමේ මාධ්‍ය ප්‍රකාශක වී. කේතේෂ්වරම් මහතා අද (15) පස්වරුවේ පැවසීය.
ඩොලර් ගෙවා නිදහස්කරගත් නෞකාවේ ගෑස් මෙටි්‍රක්ටොන් 3,900 ගොඩබා අවසන් බවත් වී. කේතේෂ්වරම් මහතා කීය.
එම ගෑස් ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ පැවසීය.
ලිට්‍රෝ සමාගම පසුගිය 4 වැනිදා සිට අඛණ්ඩව දින 13 ක් ගෘහස්ථ ගෑස් සපයා නොමැති අතර සැපයුම නොමැති වුවද ජනතාව අඛණ්ඩව ගෑස් අළෙවිසල් අසළ දිගු පෝලිම්වල රැදී සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd