(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 700 ත් 800 ත් අතර මුදලකින් ඉහළ යෑමට නියමිත බව ලිට්‍රෝ ගෑස් සමාගමේ අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.
එම මිල ඉහළ යෑමට සාපේක්‍ෂව කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 200 ත් 300 ත් අතර මුදලකින් සහ කිලෝග්‍රෑම් 2.3 සිලින්ඩරයක් රුපියල් 100 කට ආසන්න මුදලකින් මිල ඉහළ යෑමට නියමිත බව ද වාර්තා වේ.
මෙම මිල ඉහළ දැමීම ලබන 5 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වීමට නියමිත බව ද වාර්තා වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාර්තු මුල මිල අඩු කරන්න දෙයක් තියෙන්න එපැයි...
කියන්නේ නම් ලංකාවේ උද්ධමනය පහළ යනවාලු.. ඒත් මේවා වැඩිවෙන්නේ අඩුවුණ මිල වගේ දෙගුණෙකින් විතර...