(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 145 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 58 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 26 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3127ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1256 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 587 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 2,982 ක ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1198 ක ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 561 ක ද, පැවතුණි.
සබරගමුව සරසවි සිසුවාගේ මරණයට ඔහුට නවකවදය දුන් බව කියන සිසුන් සිසුන් සිව් දෙනකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය
පළාත් පාලන මැතිවරණයේදී ඡන්ද පත්‍රිකාවේ දේශපාලන පක්‍ෂය හෝ ස්වාධීන කණ්ඩායමේ නම් ඉදිරියෙන් මුද්‍රණය කර ඇති සලකුණ ඉදිරියේ තිබෙන හිස් කොටුවේ කතිර සළකුණ ල
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ අග්නිදිග ආසියාවේ විශාලතම බෞද්ධ විහාරස්ථාන වලින් එකක් වන බායි ඩිං (Bai Dinh)
කළුතර මහ නගර සභා අපේක්ෂක බන්දුල ප්‍රසන්න මහතාට නාඳුනන පුද්ගලයකු එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල් ගත කළ බව කළුතර දකුණ පොලිසිය පවසයි.
වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස
අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ලිට්‍රෝ ගෑස් මිලත් ඉහළට
Nimal Monday, 04 September 2023 03:00 PM
තව හොඳ සෙල්ලම් ඉදිරියට
SAMMonday, 04 September 2023 07:08 PM
ලෝක වෙළෙඳපලේ ගෑස් මිල ඉහළ යාමේදී සහ පහළ යාමේදී ගෑස්මිල ඉහළ යාම සහ පහළ යාම ලංකාවට පමණක් නොව ලෝකයේ සෑම රටකම මේ ආකාරයටම සිදුවේ...!
aravinda Monarawila Monday, 04 September 2023 03:29 PM
තවත් සහන ඉදිරියට ලබාදෙන්න බලාපොරොත්තු වෙමි...
බද්රානි Monday, 04 September 2023 07:55 PM
නියමයි...!! ගෑස්, පෙට්‍රල් පමණක් නොවෙයි සියලුම භාණ්ඩවල මිල තව වැඩි කළයුතුයි.. මම දැක්කා පහුගිය දවස් වල කාලා වැඩිවෙලා ඇඟවල්වල තෙල දාලා දේශපාලන රැස්වීම් වල දේශපාලකයින්ට ආවඩමින් උඩ පැනගෙන දඟලනවා... මේ වගේ මෝඩයින්ව කිරි හොද්දටම බස්සවන්න ඕනා.... අනික කන්න නැතත්, ඉන්න රටක් ඉල්ලපු එවුන්ව පිටරටවල බැල මෙහෙවරකම් කරන්න රට පටවන්න ඕනා... අනික උතුරේ තරගෙට පන්සල් හැදුවාම කන්න නැතත්, හිතට සතුටුයිනේ... අර උතුරේ මදාවියානේ දැන් බුද්ධාගම ආරක්ෂා කරන උතුරේ දායක සභාවේ ප්‍රධාන උපාසක මහත්තයා.. රජයේ රැකියාවල් කළ අය පිනට ගන්න පඩිය වගතුවක් වෙන්නම හොඳ නැහැ.... අද වෙද්දී ලංකාවේ බහුතර සමහරක්ට අමතක වෙලා තියන පාස්කු ප්‍රහාරයේ ලේ වල ශාපය නිහඬව සිටින නුඹලා සැමදෙනා මතම වැටෙනවා..." මැරුණ අය ක්‍රිස්තියානි කාරයෝනේ..." ඒ නිසා ලංකාවේ බොහෝ අයට ඒ ජීවිත අදාලම නැහැ වගේම ඒ ජීවිතවල වටිනාකමකුත් නැහැ... ලංකාවේ ආර්ථිකය පමණක් නොවෙයි, ස්වභාව ධර්මය විසින් නුඹලා සියලු දෙනාම ටිකෙන් ටික විනාශ කිරීමට පටන් අරගෙන හමාරයි. දැන්වත් අමනුස්ස ගති අත්හැර මනුස්සයෝ වගේ ජීවත් වෙන්න උත්සාහ කරපල්ලා...