(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 452 කින් අඩු කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (4) පෙරවරුවේ පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 181 කින්ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 83 කින් ද අඩු කළ බවත් නව මිල අද (4) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල පහත දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5ක සිලින්ඩරයක මිල රුපියල් 3186 ක් දක්වාද, කිලෝග්‍රෑම් 5ක සිලින්ඩරයක මිල රුපියල් 1281 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3ක සිලින්ඩරයක මිල රුපියල් 598 දක්වා ද පහත වැටුණු බව මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොනවද මේ බයිලා? එදා වැඩිකරන්න ඉස්සෙල්ලා තිබුනේ රුපියල් 1780ට කිලො 12... අද අඩු කරලා රු 3186ක් අපේ ආදායම තියෙන්නේ තාම අර අපි රුපියල් 1780 ගෑස් ගත්තු මට්ටමේ, මොවුන්ට ගහන්න ඕනේ මඩු වල්ගෙන් මේ කරන රැවටීම්වලට...