(යොහාන් භාසුර)
ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 685 කින් වැඩි කිරීමට තීරණය කළ බව ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පෙරවරුවේ පැවසීය.
ඒ අනුව කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 276 කින් ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 127 කින් ද, ඉහළ දැමූ බවත් නව මිල අද (1) සිට ක්‍රියාත්මක වන බවත් මුදිත පිරිස් මහතා කීය.
එම මිල ඉහළ දැමීමත් සමග කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 4250 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 5 ක සිලින්ඩරයක මිල රුපියල් 1707 ක් දක්වා ද, කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 795 දක්වා ද වැඩි වූ බවත් මුදිත පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම මිල ඉහළ දැමීමට පෙර ලිට්‍රෝ ගෑස් කිලෝග්‍රෑම් 12.5 ක සිලින්ඩරයක මිල රුපියල් 3,565 ක, කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක මිල රුපියල් 1,431 ක සහ කිලෝග්‍රෑම් 2.3 ක සිලින්ඩරයක මිල රුපියල් 668 ක පැවතුණණි.
2025 දෙසැම්බර් මස 18
123
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
146
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ලිට්‍රෝ ගෑස් 685 කින් ඉහළට
nanda Monday, 01 January 2024 02:22 PM
රට බංකොළොත් කරපු අයට හෙණ වදින්න ඕනේ...!
Kazi Shajahan Monday, 01 January 2024 03:02 PM
ඡන්දෙ ළංවෙනකන් විතරයි ඔය ගාන... ඡන්දය කාලෙට බස්සනවා මාර බැස්සිල්ලක්... හිතාගන්නවත් බැරි විදිහට...