IMG-LOGO

2025 නොවැම්බර් මස 06 වන බ්‍රහස්පතින්දා


‘‘ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ 2ක් නවතා ගනී

(රෝෂන් තුෂාර)

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන "ලෙජන්ට් ක්‍රිකට් කුසලාන  2024" තරගාවලියේදී තරග පාවා දීමට ක්‍රීඩකයින්ට  බලපෑම් කළේ යැයි කියන ඉන්දීය ජාතික ක්‍රිකට් කළමනාකාරවරුන් දෙදෙනෙකුට රටින් පිටවීම වළකාලමින් තහනම් නියෝගයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසාන් අමරසේන මහතා නිකුත් කළේය.

ක්‍රීඩා වලට සම්බන්ධ වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය ඉදිරිපත් කළ පැමිණිලි දෙකක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝග නිකුත් කළේය.

ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති  ලෙජන්ට් තරග ක්‍රිඩක උපුල් තරංග වරුෂ විතාන සහ නවසීලන්ත ක්‍රිඩක නේල් ට්‍රෙවර් බෲට් කරන ලද පැමිණිලි අනුව විමර්ශනය ඒකකය ගොනු කළ
සලකා බැලීමෙන් පසුව මෙන්ම තහනම නිකුත් කෙරිණි.

ඉන්දියානු කළමනාකරුවන් ලෙස කටයුතු කරන යෝනී පටෙල් සහ ඔහුගේ සහායෙකුයයි කියන පැචලෝඩියා ආකාශ් සැකකරුවන්ට  පැනවූ මෙම තහනම මාසයක් බල පැවැත්වේ.
 
මෙම තරගාවලියේදී ක්‍රිකට් කණ්ඩායම හතක් තරග වදින අතර ලබන 19 දින අවසන් මහා තරගය පැවැත්වීමට නියමිතය.

ලීග් කණ්ඩායම් වන රාජස්තාන් කිංස්, ඩෙල්හි ඩෙවිල්ස්, පන්ජාබ් රෝයල්, කැන්ඩි වොරියර්ස්, කළම්ඹු ලයන්ස්, නිව්යෝර්ක් සුපර්ස්ටාර් ස්ට්‍රයිකර්ස්  සහ ඩුබායි ජයන්ට්ස් ය‍න කණ්ඩායම් තරඟ වදින අතර පංජාබ් රෝයල්  සහ කෑන්ඩි  වොරියර්ස් කණ්ඩායම් සඳහා මෙම බලපෑම් එල්ල වී ඇති බව පැවසේ .

සිද්ධිය සම්බන්ධයෙන් දූෂණ විරෝධී ඒකකය ට සහ තරගාවලියේ සංවිධායකයින්ට පැමිණිලි ලැබී ඇති අතර මෙම තරඟ පාවා දීම්වලට සම්බන්ධව තවත් පුද්ගලයින් සිටී ද යන්න පිළිබඳව විමර්ශන සිදු කරන බව ක්‍රීඩා වැරදි වැළකීමේ විශේෂ ඒකකය කරුණු වාර්තා කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලි ද (අයි සී සී )ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයද දැනුවත් කර ඇති බව පැවසේ.

සැකකාර පචලෝඩියා ආකාශ නවසීලන්ත ක්‍රීඩකයාව සිය කාමරය වෙත කැඳවා කාමරය විවෘත නොකරම තනි ඉලක්කමේ ලකුණකට ඉලක්කම් දෙකක පන්දුවකදී දැවීයන ලෙසට දැනුම් දී ඇති බව මෙතෙක් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය විය ඇත.

ප්‍රවීන ක්‍රීඩකයින් එකසිය විස්සක් සහභාගි වන මෙම තරගාවළියේදී මුදලට තරග පාවාදීම හෝ ඔට්ටු ඇල්ලීම වැනි වැරදි සම්බන්ධයෙන් බලපෑම් එල්ල වන්නේද යන්න පිළිබඳව විශේෂ විමර්ශනයක් සිදු කරන බවද ක්‍රීඩා වැරදි වැළැක්වීමේ ඒකකය කරුණු ඉදිරිපත් කර ඇත.  



අදහස් (1)

‘‘ලෙජන්ට්‘‘ කුසලානයට බලපෑම් කළ ඉන්දීය ක්‍රිකට් ලොක්කෝ 2ක් නවතා ගනී

සුගීශ්වර Saturday, 16 March 2024 01:30 AM

ආකාශ් = අහස උසට පච ලෝඩ් එකක්

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 185 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2068 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1589 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site