
(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
ජනාධිපති ධුරයට පත් වූ පසුවත් තමාට ලැබුණු මන්ත්‍රී විශ්‍රාම වැටුප අවශ්‍ය නොවන බව කියා තමා ලිපියක් ලබා දුන් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
මීට පෙර හිටපු ජනාධිපතිවරුන් මන්ත්‍රී විශ්‍රාම වැටුප් මෙන්ම ජනාධිපති පැටුපද ගෙන හොර පූසෝ සිටි බවද ජනාධිපතිවරයා කීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය දැරූ කෙනෙක් ජනාධිපති ධුරයට පත් වූ විට මන්ත්‍රී විශ්‍රාම වැටුපත් ලැබුණ බවට කිසිවකුත් දැන නොසිටි බව කී ජනාධිපතිවරයා තමා එම මන්ත්‍රී වැටුප ප්‍රතික්ෂේප කර බව සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රී කෙනෙක් ඇමති ධුරයක් ගත් පසු ඇමති වැටුපට අමතරව මන්ත්‍රී වැටුපද ලබාගෙන තිබූ බව කී ජනාධිපතිවරයා ජාතික ජනබලවේගයේ අමාත්‍යවරුන් මෙන්ම නියෝජ්‍ය අමාත්‍යවරුන් මන්ත්‍රී වැටුප පමණක් ලබා ගැනීමට තීරණයට එළඹි බවද සඳහන් කළේය.
එමෙන්ම මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන පනත ඉක්මනින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ද ජනාධිපතිවරයා පැවසීය.
ජනාධිපති වරප්‍රසාද පනත සංශෝධනය කරන බව කී ජනාධිපතිවරයා එම පනතත් ඉක්මනින් පාර්ලිමේන්තුවට ගෙනෙන බව සඳහන් කළේය.
අත උස්සන්න ලෑස්ති වෙලා ඉන්නැයි විපක්ෂයටත් දැනුම් දෙන බවද ජනාධිපතිවරයා කීය.
රුපියල් ලක්‍ෂ දහයකට තිබූ මන්ත්‍රී රක්ෂණය අගෝස්තුවේ සිට ලක්‍ෂ දෙකක් දක්වා පහත දමන බව ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වෙලා සිටි කොපමණ පිරිසක් ජනාධිපතිවරු වී තිබේද?
පළවෙනි අයවැයෙන් අරක කරනවා... පෝය දෙකෙන් මේක කරනවා කියලා කිව්ව නිසා මන්ත්‍රී විශ්‍රාම වැටුපටත් එහෙම කරයි. පළාත් පාළන ඡන්දෙට මේක සම්බන්ධ නැහැ. අන්තිම ඡේදය නිකන් දැම්මේ...
තඹුත්තේගම අනුර මන්ත්‍රී විශ්‍රාම වැටුප එපා කිව්වට, එයා එක්ක ඉන්න මල්ලිකා, හමුදාවේ ඉඳලා මැරුණු නිත්‍යානුකූල කසාදේ ස්වාමිපුරුෂයාගේ විශ්‍රාම වැටුප තවම ගන්නවා ! එතකොට කවුද හොර පූසී ? අපි නොදන්න ලපේ !
අපි කලින් සින්නක්කර ගෙන හිටපු පක්‍ෂයටම ඡන්දය දුන්නු අයනේ, හදිසියේම වගේ තමයි මාලිමාවට ඡන්දය දෙන්න හිතුනේ, පළමුවතාවට දීපු ඡන්දය ගැන පවුලේ සියලු දෙනාම ඉතා සතුටින් බව කිය යුතුයි. ඇස් දෙක පල්ලා...
අපි නැවත නැවතත් අහන මේ කරදරේ නවත්තන්න පුළුවන්ද?
මෙම ක්‍රියාවන් තමයි අපි බලාපොරොත්තු වූ සැබෑ වෙනස... ජයවේවා!
නිදහස් අධ්‍යයනයේ බිහිවී නිදහස් සිතුවිලි තම සගයින්ට නිදහස් ලෙස ප්‍රකාශ කිරීම! මෙය තාර්කික හෝ රටක් සංවර්ධනයට පාදක වන අයවැය කතාවකට කිසිම සම්බන්ධතාවයක් නොමැත! ඇම්ඩන් talks! කෙඳිරිගායි...!
අද අන්දරේත් පාර්ලිමේන්තුවට ඇවිත් ඔක්කොම හිනස්සලා ගියා...
විශ්‍රාම වැටුප් අහෝසිය බලපාන්නේ අලුත් මන්ත්‍රී වරුන්ට විතරයි පරණ අයට බලපාන්නේ නැත... යනුවෙන් නීති තර්කයක් ගෙනඒමට පිරිසක් රහසින් කටයුතු කරන බවට ආරංචියක් තිබේ.
මේ හාදයා අවුරුදු තිස් ගණනක් පාර්ලිමේන්තුවේ හිටියත් තාම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හරියට කියවලා නෑ. කට අරින්න කලින් අඩුගානේ කවුරුහරි දන්න කෙනෙක්ගෙන් ටියුෂන් ගන්න. අතීතයට බලපාන ලෙස හිමිකම් කපන්න බෑ...
මේ මිනිස්සු මෙච්චර කැපවීම් කරද්දී රජයේ සේවකයෝ මස් රාත්තලම ඉල්ලා වැඩවර්ජන කරනවා. මේක හොඳ අය වැයක් හැමෝටම රජයේ මුදල් බෙදලා තියෙන්නේ. මේක උහුලන්න බැරි විපක්ෂය...!
ඔය ඉක්මනින් ඉදිරිපත් කරනවා කියන ඒවා කලින් කීවේ අපි බලයට ඇවිත් සති 2ක් යනකොට කරනවා කියලා ඊට පස්සේ ඒක පෝය 2ක් වුණා. ඕක ලබන අයවැයටත් ඔහොම්ම තමයි. එකක් කියන්නකෝ ඔන්න අපි කිව්වා මෙන්න කළා කියලා. කයියම තමයි තාම නම් වැඩ නැහැ. මාස 6 ඉවරයි.
මගෙ අම්මෝ.. ඔය පනත සම්මත කළා කියන්නේ ලංකාවේ ණය ටික ගෙවන එක කජ්ජක්ද? එහෙම කරලා ණය ගෙවලා ඉවර කරන්න ඕනෑද? නැද්ද? ඕනෙ. අන්න එහෙමයි රටවල් හදන්නේ. ඒ අස්සේ මුජිබර් මන්ත්‍රීතුමා කියනවා 68 ලක්ෂයේ ටිකට් ගත්තේ සිංහබාහු බලන්නලු. ඒ වුණාට පෙන්නන්නේ අන්දරේලාලු. බලන්න නේද ඉරිසියාවට කියන කතා..?
මන්ත්‍රී වේවා, ජනාධිපතිවේවා විශ්‍රාම ගෙවනවා නම් ජීවත්වෙලා සිටිද්දී අන්තිමේ දැරූ තනතුරේ වැටුපට අනුකූලව රජයේ සේවකයින්ට වගේ ගෙවිය යුතුයි. උදාහරණයක් හැටියට කෙනෙක් ජනාධිපතිව සිට මන්ත්‍රී වුණොත් මන්ත්‍රී වැටුපට විශ්‍රාම ගෙවිය යුතුයි. අනෙකුත් සෑම කෙනෙකුම පත්වෙන්නේ මන්ත්‍රී තනතුරක් සඳහා නිසා ඇමැති වැටුප නොදිය යුතුමයි..
වරප්‍රසාද කප්පන්න අපිත් හරි කැමැතිය්. ඒත් හොරෙක් අහු වුණොත් ඌ එල්ලන්නත් ඕනෑ. දැන් වරප්‍රසාද මොකවත් නැති මන්ත්‍රී ධුරයක් ගන්න කැමැති වෙන්නේ කවුද කියලා මිනිස්සුන්ගේ පැත්තෙන් හිතන්නත් ඕනෑ. කිසිම වරප්‍රසාදයක් නැතිව ඒ වැඩ කරන්න පුළුවන්... තමන්ට වෙන මොකක් හරි හොඳ ආදායම් මාර්ගයක් තියෙනවා නම් විතරයි. රජයේ කාර්යාලෙක වැඩ කරපු ලිපිකරු මහත්තයෙක්ට ඒ වැඩේ දෙයක් කරන්න ආදායම මදි. ඉතින් මොකද වෙන්නේ? ඉතාම ධනවත් මිනිස්සුන්ට විතරක් ඔය තනතුර ගන්න පුළුවන් වෙයි. නමට ජනතා විමුක්ති පෙරමුණ, ඕක වෙනස් කරගන්න ධනපති විමුක්ති පෙරමුණ කියලා...
88/89 බැංකු කඩපු රන්භාණ්ඩ සහ සල්ලි ඕන තරම් තවම තියනවලු.
මාලිමා රජයේ තිබෙන 2/3 බහුතරයෙ බලයෙන් රජය ගෙන එන ඕනෑම පනතක් සම්මත කර ගැනීම, කජු කනවා වගේ වැඩක් බව පැහැදිලිවම හැමොම දන්නා කරුණකි !!! කොහොම උනත්, මන්ත්‍රී විශ්‍රාම වැටුප අහොසි කිරීමේ මෙම ඓතිහාසික පනත, හෑමදෙනාම දන්නා පරිදි සම්මතවූ විට, මීලඟ චන්දයෙදී විශාල ප්‍රශ්නයකට මුහුණ පෑමට හැම දෙශපාලන පක්ෂ සංවිධායකවරයෙකුටම සිදුවනු ඇත. එනම් වාසි සොයන කිසිම කෙනෙක් අපෙක්ෂකයෙක් වීමට අකමැති වීමයි !!! පොල් පිති වලින් කපා ගන්නා අපෙක්ෂකයින් පමණක් මීලඟ චන්දයෙදී ඉදිරිපත් කිරීමට සංවිධායකයන්ට සිදූවනු ඇත ....