(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

නිට්ටඹුව, එල්ලක්ල ප්‍රදේශයේ පිහිටි හෝටල් කාමරයක ලැගුම් ගෙන සිටියදී පෙම්වතිය බව කියන තරුණියට නහයෙන් කටින් ලේ එනතුරු   පහරදී බරපතළ තුවාල සිදු කළේ යැයි කියන ඇගේ පෙම්වතා බවට පැවසෙන තරුණයෙකු අද (3)  නිට්ටඹුව මූලස්ථාන පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

බරපතළ තුවාල ලැබූ තරුණිය මුලින්ම වතුපිටිවල රෝහලට ඇතුළත් කර පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

තමන් මෙම තරුණිය සමඟ ළඟදීම විවාහ වීමේ අපේක්ෂාවෙන් සිටි බවටපොලිසියට පවසා ඇතැයි දැන ගැනීමට ඇත.

මෙම යුවළ එල්ලක්කල ප්‍රදේශයේ පිහිටි හෝටලයේ කාමරයක ලැගුම්ගෙන සිටි අතරවාරයේ සැකකරු මත්පැන් පානය කර ඇති බවද කියති.

පෙම්වතිය බව කියන තරුණියගේ ජංගම දුරකථන අංකයට ලැබී තිබූ ඇමතුමක අංකයක් ගැන ඔහු ඇයගෙන් විමසීමේදී කාලයේ දෙදෙනා අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් පසුව ඇයට අමානුෂික ලෙස නහයෙන් කටින් ලේ එනතුරු අතින් පයින් පහර දී තිබෙන බවපොලිසිය සඳහන් කරයි.