
(රෝහණ චන්ද්‍රදාස)
සිය අනියම් බිරිය සමඟ අනුරාධපුරයේ පෞද්ගලික ලැගුම්හලක රැඳී සිටි පුද්ගලයකු හදිසි හෘදයාබාධයකට ලක්වීමෙන් මියගොස් ඇතැයි අනුරාධපුර පොලිසිය කියයි.
මෙසේ මියගොස් ඇත්තේ තලාව කිරලෝගම මීගස්සෑගම 49 හැවිරිදි දෙදරු පියෙකි.
ඔහු තම අනියම් බිරිය බව කියන කාන්තාවක සමඟ ලැඟුම්හල වෙත පැමිණ සිටි බවට පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන ඇත.
එදින දහවල් එකට පමණ ඔහු ලැගුම්හල තුළ දී හදිසියේ ම වැටීමකට ලක්ව ඇති අතර පසුව රෝහල් ගතකර තිබේ. වෛද්‍ය පරීක්ෂාවේ දී මෙම තැනැත්තා මියගොස් ඇතැයි රෝහලෙන් දැනුම් දී ඇත.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය අංශය මඟින් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා නිකුත් කළ වාර්තාවට අනුව මෙය හදිසි හෘදයාබාධයකින් සිදු වූ මරණයක් බවට නිගමනය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ එතකොට නියම බිරිඳ... එයා මේ ගැන මොකද කියන්නේ?
ව්‍යාඝ්‍රයෝ ළංකර ගන්නේ පරිස්සමින් ඔය වයසේදී. ඈඟේ දැනට තියෙන ලෙඩ එක්ක උං හැප්පෙනවාමයි. දුක අර දරු පවුලක් අනාථ වෙච්චි එක ගැනයි.
හොර වැඩේ සාක්ෂි සහිතවම අතට අසුවුණා වගෙයි.
පුදුම මගුල් විසයක්නේ ලංකාවේ ගෑණුන්ටයි පිරිමින්ටයි තියෙන්නේ. මැරෙන්න කලින් අහවල් එක කරගත්තද දන්නේ නැහැ...